වසර කිහිපයක සිට ඔයා Android ජංගම දුරකථනයක් භාවිතා කරනවා නම් මතක ඇති Google Hangouts App එක.
අන්න ඒ සේවාව වෙනුවට 2016 වර්ෂයේ හඳුන්වා දුන් Google Allo සහ Google Duo සේවාවන් ද්විත්වය අතරින් මේ වන විට එක app එකක් තම අවසානය සනිටුහන් කරන විට, අනෙක් app එක downloads බිලියනයක සන්ධිස්ථානයක් පිහිටුවීමට කටයුතු කරනවා.
මේ අනුව Google Allo සේවාව තවත් මාස කිහිපයකින් සම්පූර්ණයෙන්ම නවත්වා දැමීමට කටයුතු කරනු ලබන අතර Google Duo සේවාව, බොහෝ ජංගම දුරකථන වල pre-installed, එහෙමත් නැතිනම් ජංගම දුරකථනය මිලදීගන්නා විටම එහි ස්ථාපනය කර තිබූ ප්‍රමාණය ද ඇතුළුව, Google Play Store හරහා බිලියන වාරයක් download කිරීමට කටයුතු කර තිබෙනවා.
Another milestone for #GoogleDuo in an exciting 2018. Enjoy a high quality Duo video call on all your new phones, tablets, and Chromebooks - we've got a lot more in store for 2019. 📈👍 https://t.co/h4DFjpds7e
— Justin Uberti (@juberti) December 23, 2018
පසුගිය ජූනි මාසය වන විට downloads මිලියන 500 සීමාවට ආසන්න වී සිටි මේ Duo app එක ගතවූ මාස 6ක පමණ කාළසීමාව තුලදී තවත් මිලියන 500ක downloads ප්‍රමාණයක් වාර්ථා කිරීමෙන් පෙනී යන්නේ මෙය ඉතාමත් සීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත් වී ඇති බවයි.
කොහොම නමුත් බොහෝ දෙනා පෙන්වා දෙන ආකාරයට මෙලෙස pre-installed කර නොමැති නමුත් බිලියනය ඉක්මවා download කර ඇති app අතර Subway Surfers game එක ද අන්තර්ගත වෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.