Video game stream කිරීම, එහෙමත් නැතිනම් වෙනත් පරිඝනකයක අදාල game එකේ processing කටයුතු සිදු කර video එක පමණක් game එක play කරන්නාට ලබා දීම මගින් games play කිරීමේ හැකියාව 2018 වර්ෂයේදී මතු වුණු තවත් trend එකක් වෙනවා.

NVIDIA GeForce සහ PlayStation හරහා පමණක් අත්විඳිය හැකි වූ මේ තාක්ෂණය දැන් Project Stream යන නමින් Google සමාගම මගින් ද ලබා දීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා.

ඉතින් එළැඹෙන ඔක්තෝම්බර් 5 වැනිදා වාසනාවන්ත පරිඝනක ක්‍රීඩාකරන්නන් කිහිපදෙනෙකුට Ubisoft සමාගමේ අලුත්ම game එක වන Assassin’s Creed Odyssey එක මේ හරහා play කිරීමට අවස්ථාව ලබාගතහැකි වන අතර‍ මෙහි විශේෂත්වය වන්නේ මේ game එක play කිරීම සඳහා හොඳ gaming PC එකක් තිබීම අනවශ්‍යය වීමයි.

මේ අනුව සියළුම processing කටයුතු cloud computers මගින් සිදු කරනු ලබන අතර game එකට අදාල inputs/commands ලබා දීමට පමණක් keyboard එකක් සහ mouse එකක් පැවතීම ප්‍රමාණවත් වෙනවා.

සංකල්පයක් ලෙස මෙය එතරම් අලුත් තාක්ෂණයක් නොවුණත්, මෙහිදී Google සමාගම විසින් ඉතාමත් අඩු latency එකක් සහ ඉතාමත් හොඳ තත්ත්වයේ graphics ලබා දීමට කටයුතු කරනු ලබන බව ඔවනු පවසා සිටිනවා.

මේ වෙනුවෙන් Ubisoft සමාගමත් සමඟ එකතු වී වැඩ කිරීමට කටයුතු කර ඇති Google සමාගම තම Project Stream හරහා ලබා දීමය සූදානම් වන පළමු පරිඝනක ක්‍රීඩාව ලෙස ඉහත සඳහන් කළ Assassin’s Creed Odyssey game එක වාර්ථා වෙනවා.

තවමත් මේ platform එක පරීක්ෂණ මට්ටමේ තිබෙන බැවින් මේ සඳහා කිසිඳු මුදලක් අය කිරීමට ඔවුන් කටයුතු නොකරන අතර මෙය play කරන්නනගේ තොරතුරු ඔවුන්ගේ ඉදිරි කටයුතු සඳහා භාවිතා කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

කොහොම වුණත් මෙහි තවමත් යම් සීමාවන් කිහිපයක් පවතින අතර මේ සඳහා සහභාගී වීමට හැකියාව ලැබෙන්නේ ඇමෙරිකානු පුරවැසියන්ට පමණක් වෙනවා. එමෙන්ම අදාල ක්‍රීඩකයාගේ වයස අවුරුදු 17 ට වැඩි විය යුතු වන අතර ඔහු සතුව 25Mbps පමණ වේගයක් සහිත අන්තර්ජාල සම්බන්ධතාවයක් සතු විය යුතු වෙනවා.

එමෙන්ම මේ වෙනුවෙන් භාවිතා කරනු ලබන පරිඝනකය Windows 10, macOS, Linux හෝ ChromeOS මත ධාවනය විය යුතු අතර Google Chrome web browser එකේ අළුත්ම සංස්කරණය ඔහු සතු විය යුතු වෙනවා.

මේ සඳහා අයදුම් කිරීමේ වෙබ් පිටුව මේ Link එක හරහා ලබාගන්නට හැකියාව තිබෙන අතර xda-developers වෙබ් අඩවිය, Project Stream නිළ වෙබ් අඩවිය, Google Blog එක හා theverge වෙබ් අඩවිය හරහා මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට හැකියාව තිබෙනවා.