පසුගියදා Zynn app එක iOS App Store එකේ මෙන්ම Google PlayStore එක තුළ ද top charts අතරට පැමිණීම පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා ඔබට මතක ඇති.

වීඩියෝ බැලීම වෙනුවෙන් මුදල් ගෙවන TikTok වලට සමාන වෙනත් app එකක් AppStore top charts වල පළමුවැනි ස්ථානයට පැමිණෙයි
TikTok සේවාවට සමාන විවිධ app නිර්මාණය කරමින් Facebook සමාගම[/facebook-quietly-launches-a-tiktok-competitor-app-called-lasso/], YouTubeආයතනය [/youtube-is-working-on-shorts-to-compete-with-tiktok/] පවා පරිශීලකයින්ආකර්ශනය කරගැනීමට විශාල උත්සාහයක් දරනු ලැබුවත්, එය එතරම් සාර්ථක වූ බවක් පෙනෙන්නටතිබුණේ…

මේ වනවිට Zynn app එක plagiarism, එහෙමත් නැතිනම් වෙනත් නිර්මාණයන් ඒ අයුරින්ම copy කිරීමේ චෝදනාව මත Google Play Store එකෙන් ඉවත් කිරීමට Google සමාගම විසින් පියවර ගෙන ඇති බව වාර්ථා වෙනවා.

Wired වෙබ් අඩවිය විසින් වාර්තා කරන පරිදි , Zynn app එක මගින් ඉහළ පෙළේ TikTok පරිශීලකයින් ගණනාවකගේ contents ඔවුන්ගේ අනුදැනුමකින් තොරව Zynn සේවාව වෙත upload කර ඇත.

සමහරු පවසන්නේ ඔවුන්ගේ ගිණුම් මුළුමනින්ම clone කර ඇති අතර එහි නම, පින්තූරය සහ මාස ගණනක අන්තර්ගතයන් ද ඇතුළුව profiles පවා Zynn හි දිස්වන බව වන අතර ඇතැම් අවස්ථා වලදී මෙම app එක එක්සත් ජනපදයේ නිල වශයෙන් නිකුත් කිරීමට පෙර දිනයන් වලදී පවා මෙම වීඩියෝ Zynn වෙත upload කර ඇති බව පෙන්වනු ලැබෙනවා.

මැයි මස මුලදී Zynn app එක iOS සහ Android වෙත පැමිණි අතර download charts වල ඉහළට වේගයෙන් ගමන් කළේය.

එය මැයි මස අග වන විට වැඩිපුරම download කළ free iOS app එක බවට ද පත් වූ අතර Google Play Store හි top 10 downloads අතරට ඇතුළත් වීමට හැකියාව ලැබුණි. (Play Store එහි ලැයිස්තුගත කිරීම දැන් අක්‍රීයයි.)

මෙම වර්ධනයට එක් හේතුවක් වන්නේ Zynn app එකෙහි ප්‍රතිලාභ යෝජනා ක්‍රමය වන අතර එමඟින් වීඩියෝ නැරඹීමට සහ මිතුරන් බඳවා ගැනීම සදහා පරිශීලකයින්ට ගෙවීම් සිදුකරනු ලැබුණා.

මෙම යෝජනා ක්‍රමයේ නීත්‍යානුකූලභාවය අපැහැදිලි වන අතර ඇතැම් පරිශීලකයින් ගෙවීම් පිළිබඳ වීඩියෝ පළ කරනු ලැබුවත්, තවත් සමහරු පවසන්නේ ඔවුන්ට මුදල් ආපසු ලබා ගත නොහැකි වූ බවයි.

ලියාපදිංචි වීම සඳහා පරිශීලකයන්ට ඩොලර් 1 ක් ද, ඔවුන් සම්බන්ධ වන පළමු පුද්ගලයා සඳහා ඩොලර් 20 ක් ද, පසුව සෑම පරිශීලකයින් පස් දෙනෙකු සඳහාම ඩොලර් 10 ක් ද ගෙවීමට Zynn සේවාව කටයුතු කරනු ලැබූ අතර මෙම මුදල් gift cards ලෙස හෝ මුදල් ලෙස redeem කරගත හැකි බව ඔවුන් ප්‍රකාශ කර තිබුණා.

Zynn ආයතනය වෙනුවෙන් ප්‍රකාශකයෙකු විසින් සදහන් කර සිටියේ, ඔවුන්ට Facebook හෝ Google වැනි දැවැන්ත සමාගම්වලට මුදල් ගෙවීමට අවශ්‍ය නොවූ බවත් එබැවින් ඔවුන් තමන්ගේ පරිශීලකයින් හට එම මුදල් ගෙවීම සඳහා මෙම ක්‍රමය භාවිතා කල බවයි.

තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ යෙදුමට වටිනාකමක් සහ වැදගත්කමක් ඇත්තේ එය භාවිතා කරන්නන් විශාල ප්‍රමාණයක් සමඟ පමණක් බවයි. වැඩිදුරටත් ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ “plagiarism” නිසා යෙදුම Play Store තුළින් ඉවත් කර ඇති අතර සමාගම Google සමඟ සාකච්ඡා කරමින් සිටින අතර මෙම ගැටළුව හැකි ඉක්මනින් නිවැරදි කිරීමට කටයුතු කරන බවයි.

කෙසේ නමුත් තවමත් මේ app එක ඉවත් කිරීම සම්බන්ධව පැහැදිලි කිරීමක් Google සමාගම විසින් ලබා දී නොමැති අතර Zynn app එක තවමත් iOS App Store හි සජීවීව පවතියි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Financial times වෙබ් අඩවිය සහ Zynn නිළ Twitter ගිණුම භාවිතා කර හැක.