Google ආයතනය විසින් ඉදිරියේදී හදුන්වා දීමට නියමිත Android TV dongle එකෙහි videos කිහිපයක් පසුගියදා අන්තර්ජාලයට එක්විය.

එයින් පසුව මේ වනවිට කාන්දු වී ඇති firmware images කිහිපයක් හරහා වැඩිදුර විස්තර අනාවරණය කර ගැනීමට XDA-Developers වෙබ් අඩවිය සමත් වී ඇති අතර එම leaks වලට අනුව "Sabrina" නමින් හැදින්වෙන මෙම Android TV dongle එක බලගැන්වෙන්නේ Amlogic chipset එකකින් බව ද හෙළිවී ඇත.

XDA-Developers වෙබ් අඩවිය මගින් අනාවරණය කරගත් තොරතුරු වලට අනුව මෙම Android TV dongle එකෙහි පහත specs දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

  • SoC - Amlogic S905X2 w/ Quad-core Cortex A53 @ 1.8GHz & Mali-G31 MP2 GPU
  • RAM - 2GB
  • Connectivity - Wi-Fi (802.11ac), Bluetooth (4.1)
  • Remote - Connects via Bluetooth, has microphone
  • Misc - HDR10, HLG, Dolby Vision, Auto Low Latency Mode

මෙම chipset එක Xiaomi ආයතනයේ Mi TV Stick එකෙහි ඇති ක්‍රමයට සමාන වන අතර මෙය Verizon Stream TV ඇතුළු set-top boxes සහ Android TV උපාංග කිහිපයකට ද සමාන වෙනවා.

මෙයට 4Kp75 10-bit H.265 දක්වා decode කිරීමේ හැකියාව ඇති අතර video output එක 4Kp60 දක්වා ද, HDMI 2.1, HDR10 පහසුකම මගින් HDR video playback කිරීමේ හැකියාව, HLG, සහ Dolby Vision, මෙන්ම තවත් බොහෝ පහසුකම් සඳහා සහය දක්වනු ඇතැයි අනුමාන කෙරෙනවා.

කෙටියෙන් සඳහන් කලහොත්, Shield TV එකක් තරම් බලයක් නොතිබුණද, streaming කටයුතු ඉතා හොඳින් හැසිරවීමට මෙයට හැකියාව ලැබෙනු ඇති බවට අනුමාන කෙරේ.

මෙම Android TV dongle එකේ remote controller එකෙහි YouTube button එකක් සහ Netflix button එකක් ද ඇතුළත් වන බවට ඉඟි දක්නට ලැබුණත් මෙතෙක් අන්තර්ජාලයට එකතු වූ images වල එවැන්නක් දැකගැනීමට නොහැකි අතර මෙහි remote controller එක bluetooth හරහා ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු විය හැකිය.

මෙම Android TV dongle එක Google Stadia සඳහා ද සහාය දක්වනු ඇතැයි බොහෝදෙනා විශ්වාස කරනු ලබන අතර HDMI2.1 Auto Low Latency Mode standard එක නිසා Stadia වැනි cloud game streaming service සමඟ හොඳින් සම්බන්ධ වීමට මෙයට හැකියාව පවතිනවා.

මෙම සියලු තොරතුරු නිළ නොවන තොරතුරු බැවින් මෙම තොරතුරු මත පූර්ණ විශ්වාසය තබා ගැනීමට හැකියාව නොමැති බව මතක තබාගත යුතු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක