Google Play Store හි සිදුකළ නවතම APK teardown එකක් මගින් තොරතුරු කිහිපයක් අනාවරණය කර ගැනීමට 9to5Google වෙබ් අඩවිය සමත් වී තිබෙන අතර ඒ අනුව දැනට පවතින “My Apps & games” section එකෙහි වෙනස්කම් කිහිපයක්ම දැකගත හැකි වෙනවා.

Left: Current design Right: The WIP revamp

එහිදී මෙතෙක් පැවති “My Apps & games” section එක “Manage apps & device” ලෙස rename කර ඇති අතර එම section එකෙහි දැනට පවතින “Updates” සහ “Beta” යන tabs “Overview” සහ “Manage” යන tabs මඟින් replace කර ඇති අතර “Install” සහ “Library” යන tabs සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව දැක ගැනීමට හැකියාව තිබෙනවා.

ඉහත screenshots වල දැක්වෙන ආකාරයට “Overview” tab එක මඟින් available updates ලැයිස්තුගත කර ඇති අතර, ඊට පහළින් storage indicator එක සහ “Your ratings & reviews” සඳහා shortcut එකක් ලබා දී තිබෙනවා.

නව “Manage” tab එක මඟින් පැරණි “Library” tab එක ඉවත් කර ඇති අතර ඔබ select කල filter එක මත පදනම්ව “Installed” හෝ “Not Installed” apps පෙන්වීමට කටයුතු කරනවා.

මේ tab එකෙහි “Updates available” යනුවෙන් filter එකක් ​​ද ඇතුළත් වන අතර එමඟින් updates ලැබී ඇති දැනට install කර ඇති apps පෙන්වීමට කටයුතු කිරීමට අමතරව, games සඳහා dedicated filter එකක් ​​ද ලබාදී තිබෙනවා.

Redesign කරන ලද “My Apps & games” section එකට සමගාමීව, Google සමාගම විසින් peer-to-peer app sharing පහසුකමක් Play Store වෙත හඳුන්වාදීමට නියමිතව ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

Google සමාගම විසින් 2018 වර්ෂයේ දී මීට සමාන app sharing පහසුකමක් third-party file manager එකක් වන Files Go හරහා අත්හදා බැලීමට ආරම්භ කල අතර Google සමාගම විසින් Play Store වෙත මෙම පහසුකම ගෙන ඒමත් සමඟ, පරිශීලකයින් හට තම මිතුරන් සමඟ apps share කර ගැනීම සඳහා third-party file managers ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ.

කෙසේ නමුත් ඉහත සඳහන් විශේෂාංග සහ වෙනස්කම් APK teardown එකක් ඔස්සේ අනාවරණය කරගත් තොරතුරු බැවින් ඒවා වර්තමාන ස්වරූපයෙන්ම පරිශීලකයින් වෙත නිකුත් නොවනු ඇති අතර මෙම විශේෂාංග stable channel එකකට ලබාදීමට පෙර Google සමාගම විසින් තවත් වෙනස්කම් සිදු කිරීමට ඉඩ තිබෙනවා.

එමෙන්ම තවමත් මෙම නව විශේෂාංග සම්බන්ධයෙන් Google සමාගම වෙතින් නිළ තොරතුරු කිසිවක් ලැබී නොමැත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.