Google Maps 2017 වර්ෂයේදී watchOS platform එකෙන් ඉවත් වූ පසු නැවතත් watchOS වෙත ලබාදීමට කටයුතු කරනු ලබන බව පසුගිය මාසයේදී Google සමාගම විසින් නිවේදනය කරනු ලැබුවා.

මේ අනුව අලුත්ම update එකෙන් පසුව Apple Watch එක සඳහා Google Maps app එක මේ වන විට ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

Apple Watch එකට Google Maps app එක ලබාදීම හරහා මූලිකව අවධානය යොමු කර ඇත්තේ පියවරෙන් පියවර directions ලබාදීම මෙන්ම estimated arrival time එක වැනි දත්ත ලබාදීමයි.

මේ app එකෙහි primary screen එක මගින් ඔබගේ “Current trip" එක පෙන්වන අතර “Travel times” ලැයිස්තුවක් ඊට පහතින් දැකගැනීමට හැකිවෙනවා. එයට Home, Work සහ වෙනත් save කරන ලද shortcuts/destinations ඇතුළත්ව ඇති බව ද දැකගත හැකි වෙනවා.

කොහොම නමුත් ඔබට ඔබගේ watch එකට සෘජුවම නව location එකක් ඇතුලත් කිරීමට හැකියාවක් නොලැබෙන අතර ඔබගේ watch එකෙහි මින් පෙර save නොකල ස්ථාන වෙත ගමන් කිරීම සඳහා ක්‍රියාවලිය ආරම්භ කිරීමට ජංගම දුරකථනය භාවිතා කිරීමට සිදු වෙනවා.

මේ නව app එක Apple Watch වෙත ස්ථාපනය කිරීම සඳහා, පළමුව Google Maps වල නවතම version එක වන 5.52 version එක වෙත යාවත්කාලීන කල යුතු වන අතර, ඊට අමතරව watchOS app එක සඳහා watchOS 5 හෝ ඊට ඉහළ සංස්කරණයක් තිබීමද අවශ්‍ය වන බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

‎Google Maps - Transit & Food
Navigate your world faster and easier with Google Maps. Over 220 countries and territories mapped and hundreds of millions of businesses and places on the map. Get real-time GPS navigation, traffic, and transit info, and find what you need by getting the latest information on businesses, including g…
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය, MacRumors වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.