Google සමාගම විසින් Android 11 සංස්කරණය නිළ වශයෙන් Pixel ජංගම දුරකථන වලට නිකුත් කිරීමෙන් පසුව, OnePlus, Xiaomi, Essential වැනි තවත් ජංගම දුරකථන කිහිපයක් සඳහා ද අදාල වන updates ලබාදීමට කටයුතු කර තිබුණු බව දකින්නට ඇති.

Android 11 වල stable සංස්කරණය නිළ වශයෙන් Pixel ජංගම දුරකථන සඳහා නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරයි
Android 11 යනු Google Android මෙහෙයුම් පද්ධතියේ නවතම සංස්කරණය වන අතර මේ පිළිබඳවමීට පෙර ලිපි කිහිපයකින් ම අපි ඔබව දැනුවත් කර තිබෙනවා ඔබට මතක ඇති. Android 11 stable සංස්කරණය මීළඟ සැප්තැම්බර් 8 වැනි දින එළිදැක්වීමට Google සමාගමසූදානම් වන ලකුණුAndroid 11 සංස්කරණයේ stable version එක නිකුත් කරන ගමන් මා…

Samsung ආයතනය ද Android 11 පාදක කරගත් One UI හි නවතම සංස්කරණය වන One UI 3.0 එකේ beta version එකක් ලබදීමට කටයුතු කරමින් සිටීන බව වාර්ථා වෙනවා.

මෙය ඉදිරි සති කිහිපය තුළදී එක්සත් ජනපදය සහ කොරියාව යන රටවල් වල සිටින Galaxy ජංගම දුරකතන පරිශීලකයින් හට ලබාදීමට Samsung සමාගම සූදානමින් සිටින නමුත් මෙම අත්හදා බැලීමේ සංස්කරණය මූලිකව Galaxy S20 මාදිලියේ දුරකතන සඳහා පමණක් ලැබෙනු ඇති.

Sammobile වෙබ් අඩවිය සඳහන් කර ඇති ආකාරයට One UI 3.0 හි beta version එක ලබාදෙන සාමාජිකයින් සංඛයාව මේ වන විට සම්පුර්ණ වි ඇති අතර මෙම One UI 3.0 beta සංස්කරණය ලබාදෙන රටවල් ද සීමා කර තිබෙනවා.

එනම් මෙය ප්‍රථමයෙන් එක්සත් ජනපදය සහ කොරියාවට ලබාදී ඉන් පසුව චීනය, ජර්මනිය, ඉන්දියාව, පෝලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල්වල පමණක් සිටින Galaxy ජංගම දුරකතන පරිශීලකයින් හට ලබාදෙන බව Samsung සමාගම කියා සිටිනවා.

මීට පෙර ද One UI 2.0 නිකුත් කරන විට මූලිකව මේ අකාරයෙන් රටවල් කිහිපයකට පමණක් එය ලබාදුන් අතර පසුගිය වසරේදී නිකුත් කළ Android 10 පාදක කරගනිමින් නිමවූ One UI 2.0 beta සංස්කරණය ද ලබා දුන්නේ එම කාලයේ දී ඇති උසස්ම Galaxy දුරකතන මාදිලිය වු S10 series එක සදහා පමණි.

OneUI 2.0 beta සංස්කරණයක් ඇතැම් යුරෝපීය Galaxy S10+ පරිශීලකයන් හට ලබාදීමට කටයුතු කරයි
Android 10 සංස්කරණය නිළ වශයෙන් Pixel ජංගම දුරකථන වලට නිකුත් කිරීමෙන් පසුව,OnePlus, Xiaomi, Essential වැනි තවත් ජංගම දුරකථන කිහිපයක් සඳහා ද අදාල වන updatesලබාදීමට කටයුතු කර තිබුණු බව දකින්නට ඇති. Android 10 සංස්කරණය නිළ වශයෙන් Google Pixel, Essential සහ Xiaomi ජංගම දුරකථනවලටනිකුත් කරයිAndroid Q,…

ඒ අකාරයටම මෙවරත් One UI 3.0 beta සංස්කරණය ලබාදෙන්නේ ද වර්තමානයේ තිබෙන උසස්ම Galaxy දුරකතනයක් වන S20 සඳහා පමණක් වන අතර පසුව beta updates කිහිපයක් ලැබී මාස කිහිපයකින් අනෙක් Galaxy ජංගම දුරකතන සදහා ද One UI 3.0 වල stable update එක ලබාදීමට කටයුතු කරනු ඇති.

මෙසේ One UI 3.0 Stable Update එක ලබාදෙනු ඇති බවට අනුමාන කරන Galaxy දුරකතන ලැයිස්තුවක් පහතින් දැක්වේ.

Samsung Galaxy S/Note series:

Galaxy Note 20, Galaxy Note 20 Ultra 5G, Galaxy Z Fold 2, Galaxy Flip 5G, Galaxy Tab S7, Galaxy Tab S7+, Galaxy S20, Galaxy S20 5G, Galaxy S20+, Galaxy S20+ 5G, Galaxy S20 Ultra, Galaxy S20 Ultra 5G, Galaxy Z Flip, Galaxy Fold, Galaxy Fold 5G, Galaxy Note 10+, Galaxy Note 10+ 5G, Galaxy Note 10, Galaxy Note 10 5G, Galaxy S10e, Galaxy S10+, Galaxy S10, Galaxy S10 5G, Galaxy Note 10 Lite, Galaxy S10 Lite

Samsung Galaxy A series:

Galaxy A51 , Galaxy A51 5G, Galaxy A71, Galaxy A71 5G, Galaxy A50, Galaxy A50s, Galaxy A70, Galaxy A70s, Galaxy A60, Galaxy A80, Galaxy A8s, Galaxy A90 5G, Galaxy A01, Galaxy A10 , Galaxy A10e, Galaxy A10s, Galaxy A11, Galaxy A20, Galaxy A20e, Galaxy A20s, Galaxy A21, Galaxy A21s, Galaxy A30, Galaxy A30s, Galaxy A31, Galaxy A40, Galaxy A41

Samsung Galaxy M series:

Galaxy M51, Galaxy M40, Galaxy M31s, Galaxy M31, Galaxy M30s, Galaxy M21, Galaxy M11, Galaxy M01, Galaxy M01s

Android 11 සංස්කරණය සමඟින් One UI 3.0 ලැබීමට නියමිත Samsung දුරකථන මාදිලි ගැන තොරතුරු නිකුත් වෙයි
Samsung යනු වසරකට විශාල ජංගම දුරකථන මාදිලි ප්‍රමාණයක් නිකුත් කරන සමාගමක් බවඅමුතුවෙන් කිව යුතු නැහැ. මේ නිසාම නව Android සංස්කරණ ඉක්මණින් නිකුත් කිරීමේ අභියෝගයකට ඔවුන් සෑම වසරකමමුහුණ දෙන අතර බොහෝ විට වත්මන් සංස්කරණය නිකුත් කර අවසාන වන්නටත් ප්‍රථම Googleසමාගම විසින් ඊළඟ Android සංස්කරණයත් නිකුත් ක…

Android 11 මෙහෙයුම් පද්ධතියෙහි ඇතුළත් වන නවාංගයන් සියල්ලම පාහේ සුළු වෙනස්කම් වලට ලක් කර One UI 3.0 සංස්කරණයෙහි ඇතුළත් වනු ඇති බව ද වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා Android Central වෙබ් අඩවිය, Sam Mobile වෙබ් අඩවිය හා Piunika Web වෙබ් අඩවිය භාවිතා කළ හැක.