2019 වර්ෂයේ ජනවාරි මාසයේදී PUBG, එහෙමත් නැතිනම් PlayerUnknown’s Battlegrounds game එකේ lite version එකක් හඳුන්වාදීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

PC වල නොමිලයේ Play කළ හැකි PUBG Lite version එකක් එළිදැක්වීමට PUBG ආයතනය කටයුතු කරයි
PlayerUnknown’s Battlegrounds[https://en.wikipedia.org/wiki/PlayerUnknown’s_Battlegrounds], එහෙමත් නැතිනම්PUBG මේ වන විට ලෝකය පුරාම මෙන්ම අපේ රට තුලත් ඉතාමත් ජනප්‍රිය video game එකක් බවටපත් වෙලා තියනවා. කොහොම වුණත් මේ PUBG play කරන පිරිසගෙන් වැඩි දෙනෙක් play කරන්නේ PUBG Mobileversion එක වන අතර …

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී මේ PUBG Lite සංස්කරණය තුළ භාවිතා වුණු in-game currency system එක (L-COIN) නවත්වාදැමීමෙන් පසුව, මෙම game එක සම්පූර්ණයෙන්ම free-to-play category එකට අයත් වුණා.

2020 NOVEMBER DEV LETTER: L-COIN System Termination - PLAYERUNKNOWN’S BATTLEGROUNDS LITE
Hello Players, Thank you for your patience while PUBG LITE teams at PUBG deliberated on what the next step would be for the game. It has been concluded…

කොහොම නමුත් මේ වන විට මේ PUBG Lite සංස්කරණය නවත්වාදැමීමට මොවුන් තීරණය කර ඇති අතර, පසුගිය මාර්තු 30 වැනි දින සිට මෙම game එක අලුතින් download කිරීමේ හැකියාව නවතා දැමීමට ද කටයුතු කර තිබෙනවා.

මේ අනුව මීළඟ අප්‍රේල් මස 29 වැනි දින සිට PUBG Lite version එක play කිරීමේ හැකියාව අහිමි වී යනු ඇති අතර, මැයි මස 29 වැනි දින සිට මේ පිළිබඳව වන ගැ‍ටළු වලට සහාය ලබාදීම ද අත්හිටුවාදැමීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ PUBG.com වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.