Google Pixel 4a ජංගම දුරකථනයේ camera sample කිහිපයක් අන්තර්ජාලයට එකතු වුණු බව මෙන්ම එහි quality එක පිළිබඳවත් අපි මීට පෙර ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

Google Pixel 4a ජංගම දුරකථනයේ Camera samples කිහිපයක් Twitter හරහා අන්තර්ජාලයට එකතු වෙයි
Google pixel 4a ජංගම දුරකථනයේ release date එක මේ වනවිට බොහෝදුරට ළඟා වී ඇති බව මේවන විට නොරහසක් වන අතර tech YouTuber කෙනෙක් වන Julio Lusson[https://twitter.com/julio_lusson] විසින් සිය Twitter ගිණුම හරහා මෙහි camerasamples කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබෙනවා. > Fotos: #Pixel4a[https://twitter.com/hashtag/Pixel4a?src=hash&ref_src=twsrc%5Etfw…

එමෙන්ම Google Pixel 4a ජංගම දුරකථනය මෙම මස 22 වැනි දින එළිදක්වනු ඇති බවට අන්තර්ජාලය පුරාවට කටකතා පැතිර ගියත්, මේ වන විට වාර්ථා වන පරිදි එය තවත් මාස කිහිපයකින් ප්‍රමාද විය හැකි බවට තොරතුරු වාර්ථා වෙනවා.

මූලිකව මේ Pixel 4a ජංගම දුරකථනය මැයි මස 22 නිකුත් කරනු ඇති බව වාර්ථා වී තිබුනත් එය Android 11 හි Beta version එක එළිදැක්වීමට නියමිතව තිබුණු දිනය, මෙන්ම Google I/O වැඩසටහන පැවැත්වීමට නියමිත වූ ජුනි 2 වැනි දිනයේදීම එළිදක්වනු ඇති බව පසුව වාර්ථා වූවා.

කොහොම නමුත් දැන් වාර්තා වන්නේ Pixel 4a නිකුත් කිරීම ජූලි මස 13 වැනි දින තෙක් කල් ගොස් ඇති බව මෙන්ම, වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කිරීම මෙම වර්ෂයේ අගෝස්තු මාසය දක්වා කල්ගොස් ඇති බවයි.

අගෝස්තු මාසයේ මේ ආකාරයෙන් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ වන්නේ ද black color මාදිලිය පමණක් වන අතර අනෙක් Barely Blue color මාදිලිය ඔක්තෝබර් 1 වැනි දින වන විට වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරනු ඇති බව ද වාර්ථා වෙනවා.

මේ අතර Google සමාගම මීට පෙර ප්‍රදර්ශනය කල පෝස්ටරයක Pixel 4a ජංගම දුරකථනයේ මිල $399 ක් ලෙස සඳහන් කර තිබුනත් මේ වන විට වාර්තා වන්නේ එහි මිල $349 ක් දක්වා අඩු වී ඇති බවයි.

මීට අමතරව Pixel 4a පමණක් නොව Google සමාගමේ මීළඟ premium ජංගම දුරකථනය වන Pixel 5 ජංගම දුරකථනය නිකුත් කිරීමද මේ වසර අවසානය දක්වා, එනම් බොහෝ දුරට නොවැම්බර් මාසය දක්වා කල් යනු ඇති බව ද වාර්තා වනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය සහ BGR වෙබ් අඩවිය භාවිතා කළ හැක.