මෙම වසරේ Global Accessibility Awareness Day එක පසුගිය අප්‍රේල් 21 වැනි දින සැමරුණු අතර එයට සමගාමීව Google සමාගම විසින් accessibility විශේෂාංග කිහිපයක් හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

Android devices සදහා Apple Siri Shortcusts වලට සමාන පහසුකමක් වන One-tap Assistant Action Blocks හදුන්වා දීම, Live Transcribe සහ Sound Amplifier සදහා නව පහසුකම් ලබා දීම සහ Google maps හරහා wheelchair access ඇති ස්ථාන පෙන්වීම ආදිය මෙම පහසුකම් වලට අයත් වෙනවා.

Action Blocks

Action block යනු Google විසින් පසුගිය වසරේ එළිදැක්වීමට කටයුතු කළ පහසුකමක් වන අතර එය Google assistant විධාන ක්‍රියාත්මක කිරීම සඳහා home screen එකෙහි buttons සෑදීමට ඉඩ සලසන යෙදුමකි.

Action Blocks app එක හරහා ඔබට Google assistant සතුව දැනට පවතින ඕනෑම හැකියාවක් සදහා shortcuts නිර්මාණය කිරිමට හැකියාව ඇති අතර උදාහරණ ලෙස දුරකථන ඇමතුම් ලබාගැනීම, කෙටි පණිවිඩ යැවීම, videos play කිරීම, smart home devices පාලනය කිරීම සහ තවත් බොහෝමයක් දේ add කරගැනීමට හැකියාව පවතිනවා.

View post on imgur.com

මෙම පහසුකම බොහෝ දුරට ප්‍රයෝජනවත් වන්නේ කටහඬ මගින් දුරකථනයත් සමග interact වීමට නොහැකි පුද්ගලයන් සදහාය.

මේ සදහා ඔබට Action Blocks application එක අවශ්‍ය වන අතර එය Android 5.0 හෝ ඊට ඉහළ versions සදහා Google PlayStore හරහා install කර ගැනීමට හැකියාව පවතියි.

Action Blocks - Apps on Google Play
Action Blocks makes routine actions easier with customizable buttons on your Android home screen. Powered by the Google Assistant, you can easily set up Action Blocks for a loved one. Action Blocks can be configured to do anything the Assistant can do, in just one tap: call a friend, watch your fav…
Action Blocks app on Google Play

Live Transcribe

මෙම Live Transcribe පහසුකම Google සමාගම විසින් හදුන්වා දෙනු ලැබුවේ Google I/O 2019 event එක අතරතුරදී වන අතර මේ සදහා එක් වූ නවතම අංගය ලෙස ඔබට ඔබගේ නම keyword එකක් ලෙස සකසා ගත් පසු ඔබ අසල සිටින අයෙකු ඔබගේ නම පැවසූ විට දුරකථනය vibrate වී එය notify කිරීමයි.

මෙම පහසුකමද ශ්‍රවණ අපහසුතා ඇති පුද්ගලයන් සදහා ප්‍රයෝජනවත් පහසුකමක් වනු ඇති අතර මේ සදහා Albanian, Burmese, Estonian, Macedonian, Mongolian, Punjabi, සහ Uzbek වැනි languages කිහිපයක්ද අලුතින් ඇතුලත් කිරීමට කටයුතු කර තිබෙනවා.

Live Transcribe - Apps on Google Play
Live Transcribe is an accessibility app designed for the Deaf and hard of hearing and usable by anyone. Using Google’s state-of-the-art automatic speech recognition technology, Live Transcribe performs real-time transcription of speech and sound to text on your screen, so you can more easily partici…
Live Trnascribe on Google Play

Sound Amplifier

View post on imgur.com

Live Transcribe පහසුකම සමඟින්ම එළිදැක්වීමට කටයුතු කළ Sound Amplifier tool එක Android පරිශීලකයින් හට නිකුත් කර ටික කාලයක් වන අතර, දැන් Bluetooth headset සමඟින් ද ක්‍රියාත්මක වන බව Google සමාගම පෙන්වා දෙනවා.

මේ Sound Amplifier app එක හරහා පරිශීලකයන් හට ඔවුන්ගේ වටපිටාවේ ඇති ශබ්දය වැඩි කිරීමට උපකාර කර, එය තමන්ගේ ජංගම දුරකථනය හරහා ඇසීමේ හැකියාව ලබාදෙන අතර මෙයද ශ්‍රවණ අපහසුතා ඇති පුද්ගලයන් සදහා ප්‍රයෝජනවත් පහසුකමක් වනු ඇත.

Sound Amplifier - Apps on Google Play
To start using Sound Amplifier, plug in wired headphones (required) then go to Settings > Accessibility > Sound Amplifier. Sound Amplifier enhances audio from your Android device using headphones to provide a more comfortable and natural listening experience. Use Sound Amplifier on your Android dev…
Sound Amplifier on Google Play

Google Maps

අවසාන වශයෙන්, Google maps හි wheelchair access අවශ්‍ය අයට වඩාත් පහසුවෙන් එම ස්ථාන සොයාගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

මෙම තොරතුරු Google maps වල ටික කාලයක සිට ලබා ගත හැකිව තිබුණු නමුත් යම්කිසි ස්ථානයකට රෝද පුටුවක් භාවිතා කරමින් ගමන් කළ හැකි ද යන්න බලාගැනීමට අදාල ස්ථානයේ business profile එකට යා යුතු විය.

දැන් ඔබට එම තොරතුරු අවශ්‍ය නම් search results වන “Accessible Places” නම් option එක හරහා එම ස්ථාන පමණක් පෙන්වන පරිදි සකසා ගත හැකි වෙනවා.

Accessible Places දැන් ඕස්ට්‍රේලියාව, ජපානය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය තුළ ව්‍යාප්ත වෙමින් පවතී.

Maps - Navigate & Explore - Apps on Google Play
Navigate your world faster and easier with Google Maps. Over 220 countries and territories mapped and hundreds of millions of businesses and places on the map. Get real-time GPS navigation, traffic, and transit info, and explore local neighborhoods by knowing where to eat, drink and go - no matter w…
Google Maps on Google Play
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.