Pixel 4 XL යනු Google සමාගම විසින් නිකුත් කරන Pixel දුරකථන මාදිලි වලින් දැනට මිලදී ගැනීමට ඇති අලුත්ම මාදිලිය වෙනවා.

Google සමාගම විසින් Made by Google 2019 event එක අතරතුර සිදු කළ ප්‍රධානතම එළිදැක්වීම් ගැන දැනගනිමු
Google සමාගමේ වාර්ෂිකව පැවැත්වෙන hardware event එක වන Made by Google event එකේමේ වර්ෂය සඳහා වූ event එක ඊයේ දිනයේ New York නගරයේදී පැවැත්වීමට කටයුතු කළා. ලොව පුරා බොහෝ දෙනෙකු මේ event එක දෙස නොයිවසිල්ලෙන් බළා සිටින්නේ මෙහිදී ප්‍රධානවශයෙන්ම Google Pixel ජංගම දුරකථන මාලාවේ අලුත්ම ජංගම දුරකථනය එළිදැ…

පසුගිය 2019 වසරේ ඔක්තෝබර් මසදී නිකුත් කරනු ලැබූ මෙම මාදිලියේ පසුපස ආවරණය කර ඇති glass panel එක මේ වන විට ගැලවීමට පටන්ගෙන ඇති බව සඳහන් කරමින් පරිශීලකයින් කිහිප දෙනෙකු පැමිණිලි කර තිබෙනවා.

Google Support forum එකේ සහ Reddit වෙබ් අඩවියේ මෙම තොරතුරු සඳහන් වන අතර ඔවුන් පෙන්වා දෙන්නේ දුරකථනයේ එක් කොනකින් මෙම වීදුරු panel එක කඩතොළු වී අනතුරුව ක්‍රමයෙන් ගැලවීමට පටන්ගෙන ඇති බවයි.

Pixel 4 XL back panel slowly coming iff? from GooglePixel

එමෙන්ම නැවත එය ඇලවීමට හැකියාවක් නොමැති බව ද පැමිණිලිකරුවන් විසින් තවදුරටත් සඳහන් කර තිබෙනවා.

බොහෝ තාක්ෂණික විශ්ලේෂකයන් උපකල්පනය කරන්නේ බැටරිය ඉදිමීම නිසා මෙවැනි තත්ත්වයක් ඇති වියහැකි බව වන නමුත් මේ වන තෙක් Google සමාගම විසින් මෙම ගැටළුව ඇතිවිය හැකි හේතුවක් සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර මෙම ගැටළුව නිළ වශයෙන් පිළිගැනීමට ද කටයුතු කර නැහැ.

කොහොම නමුත් ඇතැම් පැමිණිලි වලට සම්බන්ධ, ගැටළුව පැමිණි දුරකථන වල හිමිකරුවන් හට නව දුරකථන ලබාදීමට ඔවුන් කටයුතු කර ඇතත්, පැමිණිලි කළ සෑම පුද්ගලයෙකු හටම එවැනි විසඳුමක් ලබාදීමට Google කටයුතු කර නොමැති බව ද වාර්ථා වෙනවා.

ඒ නිසා Google සමාගම මෙම සිදුවීම පිලිබඳව තවදුරටත් විශ්ලේෂණය කරන බව අනුමාන කල හැකි අතර සුදුසු විසඳුමක් ලබාදීමට ද කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කල හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය සහ Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.