ලොව ජනප්‍රියතම web browser එක Google Chrome browser එක බව ඔබ දැනටමත් දන්නවා ඇති.

එමෙන්ම Android පරිශීලකයින් බොහෝ දෙනෙක් භාවිතා කරනු ලබන primary web browser එකද Google Chrome වන අතර, මේ හේතුවෙන්ම‍‍ Google සමාගම විසින් නිරන්තරයෙන් ලබාදෙන අලුත් පහසුකම් ලොව පුරා බොහෝමයක් දෙනා හට එක විටම භාවිතා කළ හැකි වෙනවා.

ඔන්න දැන්, මේ අලුත් පහසුකම් අතරට download scheduler එකක් ලබාදීමට Google සමාගම කටයුතු කරමින් සිටින අතර ඒ අනුව ඔබට යම් කිසි file එකක් download කිරීමට අවශ්‍යය දිනය සහ වේලාව කලින් සකස් කර තැබිය හැකි වෙනවා.

එසේ සකස් කර තබන දිනය සහ වේලාවට අනුව අදාල file එක ස්ව්‍යංක්‍රීයව download වීම සිදු වන අතර විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල night-time data භාවිතා කරනු ලබන පිරිසට මේ පහසුකම ඉතාමත් වැදගත් වනු නොඅනුමානය.

මෙය තවමත් පරීක්ෂණ මට්ටමේ තිබෙන පහසුකමක් වන අතර ඔබ Google Chrome Canary සංස්කරණය භාවිතා කරන්නේ නම්, chrome://flags යන්න address bar එක මත type කර මීළඟට ලැබෙන පිටුවේ ඇති Enable download later යන option එක enable කිරීමෙන් මෙය භාවිතා කළ හැකි වෙනවා.

කොහොම නමුත් මේ පහසුකම සාමාන්‍යය පරිශීලකයින් හට ලබාදීමට නියමිත වන දිනයක් පිළිබඳව තවමත් වාර්ථා නොවන නමුත්, ඉතාමත් ඉක්මණින්ම මෙය stable සංස්කරණයට එකතු කිරීමට Google සමාගම කටයුතු කරනු ඇති බව අනුමාන කළ හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Techdows වෙබ් අඩවිය භාවිතා කළ හැක.