පසුගිය ජුනි 18 වැනි දින පැවැත්වූ Google I/O event එකේදී නව විශේෂාංග රැසක් Google Photos සේවාව සඳහා ලබාදීමට නියමිත බව Google සමාගම විසින් හෙලිදරව් කරන ලදී.

මෙහිදී තම පෞද්ගලික පින්තූර සඳහා ආරක්ෂිත folder එකක් සහ අනෙකුත් පින්තූර නැරඹීම සඳහා විශේෂිත වූ ක්‍රමයක් ද සමඟින් පහත විශේෂාංග හදුන්වාදීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා.

මුරපද-ආරක්ෂිත පින්තූර - Password-protected photos

Google සමාගම විසින් හදුන්වා දෙන පින්තුර සඳහා locked folder එකක්, ඔබට මුරපදයක් හෝ biometric authentication මගින්, උදාහරණ ලෙස ඔබේ ජංගම දුරකතනයේ ඇති Fingerprint /Face-recognition පහසුකමක් මගින් විවෘත වන ලෙස මෙම විශේෂාංගය හදුන්වා දී ඇත.

එක් උදාහරණයක් ගතහොත් ඔබ ඔබේ බර අඩුකර ගැනිමට උත්සහ කරන අතරවාරයේ ලබා ගත් ජායාරූප පෙනෙන ලෙස තැබීමට අකමැත්තක් ඇත්නම් මෙමගින් එම ජායාරූප නොපෙනෙන ලෙස සඟවා තැබිය හැක.

View post on imgur.com

මෙම locked folder පහසුකම පලමුව Pixel devices සඳහා නිකුත්වන අතර පසුව අනෙකුත් Android devices සඳහා නිකුත් කිරිමට බලාපොරොත්තුවේ. එමෙන්ම Pixel devices වල අමතර විශේෂාංගයක් ලෙස කැමරාව භාවිතා කර ලබාගන්නා ජායාරූප, camera app එක හරහාම අදාල locked folder එක තුළ save කිරීමේ හැකියාව ද ලබාදෙනු ඇත.

සිනමාරූපී ජායාරූප - Cinematic photos
View post on imgur.com

Google ආයතනය විසින් දෙසැම්බර් මාසයේදී, cinematic photos, එහෙමත් නැතිනම් සිනමාරූපී ජායාරූප විශේෂාංගය එළිදක්වන ලද අතර එහිදී ඡායාරූප වලට කුඩා motion එකක් එකතු කිරීම හරහා ත්‍රිමාණත්වයක් ආරෝපණය කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ වන විට Google සමාගම විසින් මෙම විශේෂාංගය තවදුරටත් වැඩිදියුණු කරමින් එකිනෙකට සම්බන්ධ වන සාමාන්‍යය නිශ්චල ඡායාරූප කිහිපයක් ඇත්නම්, එය භාවිතා කර ත්‍රිමාණ animation එකක් ද සමඟින් කුඩා video එකක් වැනි cenematic photo එකක් නිර්මාණය කිරීමට ඔවුන් කටයුතු කරනවා.

View post on imgur.com

ඔබ මීට පෙර මෙවැනි ආකාරයේ ජායාරූප facebook භාවිත කරන්නෙක් නම් බොහෝදුරට 3D Photo පහසුකම දැක ඇති නමුදු, මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ඡායාරූප Google (AI) කෘතීම බුද්ධිය මගින් ඊට වඩා තාත්වික ලෙස ස්වයංක්‍රීයව කල හැකි වීමයි.

ජායාරූප ලබාගන්නා විට බොහෝවිට බොහෝ දෙනා පුරුදුව ඇත්තේ අමතර ඡායාරූප දෙකක් හෝ තුනක් ලබාගැනීමටයි. Google AI වැඩසටහන් විසින් ස්වයංක්‍රීයව මෙම අමතර ජායාරූප අපතේ නොයවා එක සමාන ජායාරූප හඳුනාගෙන, ඊට වඩා තාත්වික Animated 3D ජායාරූප නිර්මාණය කිරීම කරයි.

“Little Patterns” ඉස්මතු කිරීම

හිතන්න ඔබ water drafting සඳහා ඇල්මක් දක්වන අයෙක් නම්, ඔබ water drafting කරන විවිධ අවස්ථා වල ලබාගත් ජායාරූප එකිනෙක ඇල්බමයක් ලෙස සැකසීමට අවශ්‍යයි කියා.

Google සමාගම විසින් හදුන්වාදෙන “Little Patterns” නමින් නම් කරන ලද මෙම විශේෂාංගය මගින් මෙවැනි ජායාරූප එකිනෙක එකතු කර එමගින් ස්වයංක්‍රීය ලෙස ඇල්බමය නිර්මාණය කරයි.

View post on imgur.com

උදාහරණයක් ලෙස, යමෙකු trip යන විට නිතරම තැඹිලි පැහැති backpack එකක් භාවිතා කරන්නේ යැයි අනුමාන කළහොත්, අදාල backpack එක සමඟින් ලබාගත් සියළුම ඡායාරූප ඇතුලත්ව "Adventures of the orange backpack" වැනි මාතෘකාවක් යටතේ album එකක් නිර්මාණය වීම සිදුවෙයි.

ඔබට අනවශ්‍ය පුද්ගලයන්ගේ ජායාරූප ඉවත් කිරීම

Google Photos මගින් අපගේ අතීත මතකයන් ලෙස තබාගත් ජායාරූප නැවතත් memories option එක හරහා නිතර නිතර අපට පෙන්වීමට කටයුතු කරනු ලබනවා.

View post on imgur.com

කොහොම නමුත් සමහර විට තවත් සමහරකු හට පෙර සිටි තම පෙම්වතිය හෝ පෙම්වතාගේ ජායාරූප හෝ අසුන්දර මතකයන් සහිත ජයාරූප නැවතත් Google Photos යෙදුම විවෘත කරන විට දැක ගැනීමට කැමති නැත්නම් එම නිශ්චිත කාල සීමාව memories option එකෙන් ඉවත් කිරිම සඳහා මෙම නව විශේෂාංගය හදුන්වා දී තිබේ.


Google සමාගම විසින් තහවුරු කරගත් දත්ත අනුව, Google Photos හරහා ගබඩා කරන ලද ට්‍රිලියන 4 කට අධික ප්‍රමාණයක් වන ඡායාරූප වලින් බොහෝ ප්‍රමාණයක්, අදාල පරිශීලකයින් විසින් ඔවුන්ගේ පෞද්ගලික ගිනුම් වල ගබඩා කල පසු නැවත විවෘත කර හෝ නැති බව අනාවරණය කරගෙන තිබෙනවා.

මේ හේතුව පාදක කරගනිමින් ඔවුන් විසින් Google Photos සඳහා නව policy change එකක් ගෙන ආ අතර, මේ හරහා Google Photos සඳහා ලබාදුන් free unlimited storage පහසුකම බොහෝ පරිශීලකයින් හට අහිමි වී යනවා.

මේ අනුව Google Photos සඳහා ලබාදෙන unlimited free storage පහසුකම තව දින දෙකකින්, එනම් ජුනි 31 වැනි දිනයෙන් අවසන් වන අතර, ඔබ Pixel ජංගම දුරකථන හිමිකරුවෙකු නොවේ නම්, ඉදිරියේදී upload කරනු ලබන ඡායාරූප ඔබගේ 15GB storage එ‍කට එකතු වන බව මතක තබාගත යුතු වෙනවා.

Google Photos සඳහා ලබාදෙන unlimited free storage පහසුකම මෙම මාසයෙන් අවසන් වෙයි
Google සමාගම විසින් Google Photos සේවාව සඳහා ලබාදෙන free unlimited storageපහසුකම 2021 වර්ෂයේදී නවත්වාදැමීමට තීරණය කළ බව පසුගිය ‍වසරේ අපි ඔබව දැනුවත් කළාමතක ඇති. Google Photos හරහා ලබාදෙන free unlimited storage පහසුකම ලබන වසරේදී නවත්වාදැමීමටGoogle සමාගම තීරණය කරයිලොව පුරා පරිශිලකයින්ගේ ට්‍රිලියන …

කෙසේ වුවත් ජුනි 21 වැනි දින දක්වා upload කරනු ලබන සියළුම ඡායාරූප නොමිලයේම ඉදිරියටත් තබාගැනීමේ හැකියාව ලබාදෙන බැවින්, upload කිරීම සඳහා ඡායාරූප ඇත්නම් ඉදිරි දින දෙක තුළ ඒවා upload කිරීමෙන් අදාල storage cap එකට count නොවී ඡායාරූප සහ videos ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක, TechCrunch වෙබ් අඩවිය සහ gadgets.ndtv.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.