WhatsApp ආයතනය විසින් ඔවුන්ගේ privacy policy එක update කිරීම සඳහා ගත් උත්සාහය පසුගිය මාස කිහිපය තුළ ක්‍රමයෙන් ව්‍යර්ථ වෙමින් යන බව අපට දැකගත හැකි වුණා.

මූලිකව මෙම කොන්දේසි සමඟින් එකඟ වීම සඳහා කුඩා කාළසීමාවක් ලබාදීමට කටයුතු කළ අතර, එයට එල්ල වූ දැඩි විරෝධය හමුවේ එම කාළ සීමාව දිගු කිරීමටත්, ඉන් පසුව එයට එකඟ නොවන්නන් හට සීමා පනවනු ලබන බවත් ප්‍රකාශ කරනු ලැබුවා.

කෙසේ නමුත් මෙම මස මුලදී එලෙස පනවනු ලැබූ සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරනු ලබන බව ප්‍රකාශ කර සිටි WhatsApp ආයතනය මේ වන විට එලෙස functionality එක සීමා කිරීම සිදු නොකරන බව නිවේදනය කර තිබෙනවා.

WhatsApp Help Center - About the effective date
About the effective date - What happens on the effective date? No one will have their accounts deleted or lose functionality of WhatsApp on May 15th because of this update. What happens after the effective date? Considering the majority of users who have seen the up…

මේ වන විට පරිශීලකයින් බොහෝ දෙනෙකු එම නව කොන්දේසි වලට එකඟ වීමට කටයුතු කර ඇති බවත්, එලෙස එකඟ නොවූ පරිශීලකයින් හට ඒ පිළිබඳව වරින් වර මතක් කිරීමට කටයුතු කරනු ලබන නමුත්, WhatsApp සේවාවේ options සීමා කිරීම හෝ WhatsApp ගිණුම් මකා දැමීම සිදු නොකරනු ලබන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

විශේෂයෙන්ම Facebook සේවාවේ සහාය ලබාගනු ලබන WhatsApp Business account සමඟින් chat කිරීමේදී මෙම කොන්දේසි පිළිබඳව නැවත නැවත මතක් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති බව සඳහන් වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ WhatsApp වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.