Google සමාගම විසින් Google Photos සේවාව සඳහා ලබාදෙන free unlimited storage පහසුකම 2021 වර්ෂයේදී නවත්වාදැමීමට තීරණය කළ බව පසුගිය ‍වසරේ අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Google Photos හරහා ලබාදෙන free unlimited storage පහසුකම ලබන වසරේදී නවත්වාදැමීමට Google සමාගම තීරණය කරයි
ලොව පුරා පරිශිලකයින්ගේ ට්‍රිලියන 4 ක් පමණ වන සුවිසල් ඡායාරූප එකතුවක් ගබඩා කරගෙනසිටින ලොව අතිශය ජනප්‍රිය photos සේවාව වන Google Photos පිළිබඳව ඔබ දැනටමත් ඉතාහොඳින් දන්නවා ඇතැයි අප සිතනවා. ඔබ Google account එකක් create කරන විටම ඔබට Google වෙතින් 15GB ක storage එකක්නොමිලේ ඔබට ලැබෙන අතර Google Photo…

ඔන්න දැන් එම deadline එකට ආසන්න වී ඇති අතර, මීළඟ ජුනි මස 1 වැනි දින සිට upload කරනු ලබන සියළුම photos සහ videos ඔබගේ Google ගිණුමෙහි ඇති 15GB storage cap එකට එකතු වෙනවා.

කොහොම නමුත් මීළඟ ජුනි මස 1 වැනි දින දක්වා upload කරනු ලබන photos සහ videos මෙයට ගණනය කර නොගන්නා අතර, එම content ඉදිරියටත් නොමිලයේම access කිරීමේ හැකියාව පරිශීලකයින් හට ලැබෙනවා.

ඉතින් මේ දක්වාත් ඔබගේ ඡායාරූප සියල්ල Google Photos වෙත upload කලේ නැතිනම්, ඔන්න දැන් එය නොමිල‍යේ සිදු කිරීම සඳහා හැකියාව ලැබෙන අවසාන අවස්ථාව ලැබී ඇති අතර, මැයි 31 වන දිනට ප්‍රථමව එය සිදු කළ යුතු වෙනවා.

Updating Google Photos’ storage policy to build for the future
In order to welcome even more of your memories and build Google Photos for the future, we are changing our unlimited High quality storage policy.

කොහොම නමුත් ඔබ Google Pixel 2 හෝ ඊට පසු නිකුත් කළ Pixel ජංගම දුරකථන හිමියෙකු නම්, තවදුරටත් නොමිලයේ photos සහ videos upload කිරීමේ හැකියාව ලැබෙනු ඇති නමුත්, එයද ඉදිරියේදී original quality වල සිට high quality දක්වා මාරු වීමට නියමිත වෙනවා.

මෙය Google Pixel (2016) හිමිකරුවන් හට අදාල නොවන අතර ඔවුන් හට එම ජංගම දුරකථනය භාවිතා කරල පුරාවටම original quality එකෙන්ම images සහ videos upload කිරීමේ හැකියාව ලැබෙනවා.

Google සමාගම විසින් ලබාදෙන 15GB data cap එක සාමාන්‍යය පරිශීලකයෙකු සඳහා වසර 3කට පමණ සෑහෙන බව ඔවුන් විසින් පෙන්වා දෙන අතර, ඔබ upload කර ඇති දත්ත මත පදනම්ව එය කෙතරම් කාලයක් සඳහා ප්‍රමාණයත් වනු ඇත්දැයි දැනගැනීම සඳහා විශේෂිත page එකක් ද මේ වන විට ලබාදී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developersවෙබ් අඩවිය සහ නිළ Google Support වෙබ් අඩවිය භාවිතා කළ හැක.