Flying Car පිළිබඳ සංකල්පය ලොව පුරා කතාබහට ලක්වෙන්නේ සෑහෙන කාලයක සිට වන අතර එම සංකල්පය යථාර්ථයක් බවට පත් කරගැනීම සඳහා බොහෝ පර්යේෂකයින් උත්සුක වෙමින් සිටිනවා.

ඔබ මේ පිළිබඳව YouTube Search එකක් සිදු කලහොත් ඒ සම්බන්ධ විශාල තොරතුරු ප්‍රමාණයක් දැනගත හැකිවෙනු ඇති අතර ඇතැම් Flying Car සත්‍ය ලෙසම නිර්මාණය කර තිබෙන ආකාරය ද දැකිය හැකි වෙනවා.

මේ අතර සැබෑ ලෙසම නිපදවන ලද Flying Car එකක් සඳහා සාර්ථක අත්හදා බැලීමක් සිදුකරන්නට පසුගියදා ජපාන පර්යේෂකයින් පිරිසක් සමත් වූ අතර එහිදී එක් පුද්ගලයෙකු යොදාගෙන මෙම රථය මිනිත්තු 4 ක පමණ කාලයක් Toyota හි පරීක්ෂණ ධාවන පථයක් වටා ගමන් කරවීමට සමත් උනා.

SkyDrive Conducts First Public Manned Flight in Japan – SD-03 manned model makes its world debut- | SkyDrive Inc. -Flying car-
SkyDrive Inc., a world-leading developer ofurban air mobility solutions, is proud to announce that it conducted a publ...

ජපානයේ Skydrive Incorporation සමාගම මෙය නිර්මාණය කරන ලද මෙය ජපන් ඉතිහාසය තුළ Flying Car සම්බන්ධයෙන් සිදුකරන ලද පළමු සාර්ථක අත්හදා බැලීම වෙනවා.

නමුත් මෙයට ගුවනයානය හා කාරයක් යන mode දෙක අතර කොපමණ වේගයකින් මාරු විය හැකිද ආදිය පිළිබඳව වූ තාක්ෂණික තොරතුරු හෙළි කිරිමට මෙම සමාගම තවමත් කටයුතු කර නැහැ.

මේ අතර Skydrive සමාගම පවසන පරිදි parking සඳහා සාමාන්‍ය කාර් රථ දෙකක පමණ ඉඩක් අත්පත් කරගන්නා මෙම වාහනයේ ආරක්ෂාව සහ තාක්‍ෂණය කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූල වන බවට වග බලා ගැනීම සඳහා විවිධ කොන්දේසි යටතේ අනාගතයේදී තවත් පරීක්ෂණ ගුවන් ගමන් සිදුකිරීමට නියමිත බව ද වාර්ථා වෙනවා.

එය සාර්ථක වුවහොත් Toyota හි ධාවන පථයෙන් පිටතදී එය යළිත් අත්හදාබැලෙනු ඇති අතර 2023 වර්ෂය පමණ වන විට සාර්ථක යානයක් බවට පත්කරගැනීම සමාගමේ අභිලාශය වෙනවා.

SD-03 ලෙස නම් කර ඇති මෙම රථය විදුලියෙන් ක්‍රියාකරන මෝටර් 8 කින් බලගන්වා ඇති අතර එය ලොව කුඩාම සිරස් ගුවන්ගත වීම හා ගොඩබෑම සිදුකරන රථය බවට පත් වී තිබෙනවා.

කොහොම උනත් අප ඉහත සඳහන් කල පරිදිම, Flying Car සම්බන්ධ තාක්ෂණය පිළිබඳව පර්යේෂණ සිදු කරන ලොව එකම සමාගම Skydrive සමාගම නොවන අතර සැබවින්ම සෑම අතින්ම සාර්ථක පළමු Flying Car අත්දැකීම ලබාදෙන්නේ කුමන සමාගමදැයි යන්න හරියටම පැවසීම තවමත් දුශ්කර කාර්යයක් බව සඳහන් කළ යුතු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා CNN වෙබ් අඩවිය සහ Mirror වෙබ් අඩවිය භාවිතා කළ හැක.