Google සමාගම විසින් කලක සි‍ට Google Phone app එක සඳහා call recording පහසුකම වැඩිදියුණු කරමින් සිටින අතර මේ වසරේ සිට මෙම අංගය සම්පුර්ණයෙන් සක්‍රිය කර ගැනීමටද ඇතැම් පරීශීලකයන් හට අවස්ථාව ලැබී තිබුණා‍.

Google Pixel දුරකථන මාලාව සඳහා Google Phone app එකෙහි call recording පහසුකම මුලින්ම භාවිතා කිරීමට අවස්ථාව හිමි වූ අතර ඉන්පසුව Android One භාවිතා කර ඇති Nokia devices කිහිපයකටද මෙම පහසුකම භාවිතා කිරීමට අවස්ථාව ලැබී තිබුණා.

මේ වන විට Xiaomi ජංගම දුරකථන භාවිතා කරන පරීශීලකයන් හටද Google Phone app එකෙහි call recording පහසුකම ලබාදීමට සූදානම් වන බව දැකගත හැකි වෙනවා.

MIUI හරහා call recording පහසුකම සහිත inbuilt dialer app එකක් සිය පරිශීලකයන් සඳහා ලබා දෙන නමුත් මෑතකදී චීනය, ඉන්දියාව හෝ ඉන්දුනීසියාවෙන් පිටත අලෙවි කරනු ලබන Xiaomi දුරකථන පැමිණෙන්නේ preinstalled Google Phone සහ Google Messages යන apps සමඟ මිස Xiaomi සමාගමෙහි MIUI හරහා ලබාදෙන dialer app එකත් සමඟ නොවේ.

PiunikaWeb වෙබ් අඩවිය විසින් වාර්තා කරන පරිදි, Google Phone app එකෙන් native call recording feature එක දැනටමත් Redmi Note 8 Pro, Redmi Note 9S සහ Redmi Note 9 Pro යන devices වල global variants සඳහා ලැබී තිබෙනවා.

ඇතැම් පරිශීලකයන් හට මෙම විශේෂාංගය ලැබී තිබුණත් ඇතැම් අවස්ථාවලදී, දුරකතනය reboot කිරීමෙන් පසුව මෙම විශේෂාංගය අතුරුදහන් වන බැවින් මෙය server-side A/B testing එකක් විය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.

MIUI වෙනුවට Android One හරහා බළගැන්වෙන Mi A series එකෙහි ජංගම දුරකතන සඳහා පසුගිය මාස කිහිපය තුළ Google Phone app එක භාවිතා කරමින් ඇමතුම් පටිගත කිරීමේ හැකියාව ලබාදීමට ද කටයුතු කර තිබුණා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, PiunikaWeb වෙබ් අඩවිය සහ Tech Radar වෙබ් අඩවිය භාවිතා කළ හැක.