වසර දෙකකට පමණ පෙර ආරම්භ කළ Google සමාගමෙහි unified cloud backup service එක වන Google One සේවාව පිළිබඳව ඔබ මේ වන විටත් දන්නවා ඇති.

ඔබ Gmail, Google Drive, Google Photos වැනි සේවාවන් භාවිතා කරන්නෙකු නම්, නොමිලයේ ලැබෙන 15GB සීමාව ඉක්මවා ගිය විට Google සමාගමේ සියළුම products සඳහා storage එක වැඩි කරගැනීමට මේ සේවාව හරහා අවස්ථාව ලැබුණා.

මේ වන තුරු Google සේවාවන් වලට storage option එකක් ලෙස ලබා දී තිබුණු මේ සේවාව හරහා ඔන්න දැන් Android සහ iOS පරිශීලකයින් හට තමන්ගේ ජංගම දුරකථනයේ ඇති device data, multi-media messages, photos සහ videos ස්වයංක්‍රීයව backup කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කර ඇති බව වාර්ථා වෙනවා.

Phone backup and a new storage manager in the Google One app
Google One introduces phone backup and a new storage manager as free features for all Google users in the new Google One app for Android and iOS.

බොහෝ Android උපාංග Google Play Service එක හරහා ලබාදෙන backup manager service එකෙහි සහයෙන් පරිශීලකයන්ගේ Google Drive වල private directory එකක device settings, app data වැනි දෑ backup කිරීමට කටයුතු කලත්, ඒ හරහා MMS, photos, videos වැනි ජංගම දුරකථනයේ ඇති අනෙකුත් දත්ත backup කිරීමේ හැකියාවක් ලබාදී තිබුණේ නැහැ.

කොහොම නමුත් මේ වන විට මේ Google One සේවාව හරහා තමන්ගේ ජංගම දුරකථයෙහි ඇති දත්ත සම්පූර්ණයෙන්ම backup කිරීමේ හැකියාව ලබාදී ඇති අතර ඔබගේ උපාංගය අනතුරකට ලක්වුවහොත්, නැතිවුවහොත් හෝ ඔබ නව ජංගම දුරකථනයකට upgrade වුවහොත් ඔබගේ ඡායාරූප, videos, contacts ඇතුළු සියලු වැදගත් තොරතුරු මේ සේවාව හරහා නැවත ලබාගත හැකි වෙනවා.

View post on imgur.com

මේ free backup විශේෂාංගයට අමතරව Google සමාගම විසින් අලුත් storage manager එකක් හඳුන්වාදීමට කටයුතු කර ඇති අතර එය mobile app එක හරහා සහ web app එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

මේ අලුත් storage manager එක හරහා Google Drive, Gmail සහ Google Photos වැනි සියළුම Google සේවාවන් වල ඇති files හඳුනාගෙන ඒ අතරින් වැඩි storage එකක් ලබාගෙන ඇති අනවශ්‍යය files ඇත්නම් ඒවා delete කිරීමට පරිශීලකයින් හට ඉඩ ලබා දෙනවා.

View post on imgur.com

සෑම Google account එකක් සමඟම නොමිලේ ලැබෙන 15GB storage එක මේ backup කිරීම සඳහා භාවිතා කළ හැකි අතර, ඊට අමතරව storage එක අවශ්‍යය නම්, Google One සේවාවේ 100GB storage option එක සඳහා මසකට ඩොලර් 1.99 ක මුදලක් ගෙවීමට සිදුවේ.

මෙලෙස Google One storage plan එකක් ලබාගන්නා පරිශීලකයින් හට ඔවුන්ගේ plan එක තවත් සාමාජිකයින් පස්දෙනෙකු දක්වා බෙදා ගැනීමට ඉඩ ලැබෙන බැවින් ඔබ ලබාගන්නා storage එකෙන් ඔබට අවශ්‍යය ප්‍රමාණය භාවිතා කර, අමතර storage එක ඔබේ පවුලේ සාමාජිකයන් සමඟ බෙදාගැනීමේ හැකියාව ද ලැබෙනවා.

Google One - Apps on Google Play
Google One is a membership for expanded storage that includes extra benefits to help you get more out of Google. You can use the Google One app to:• Manage your storage plan, which covers Google Drive, Gmail and original quality photos and videos in Google Photos.• Automatically back up your phon…

මීට අමතරව මේ සාමාජිකත්වය සඳහා premium support, Google Play credits සහ Google Store member rewards ද ඇතුළත් ඇතුලත් වන බව Google සමාගම පෙන්වා දෙන අතර iOS පරිශීලකයින් සඳහා ද මෙම සේවාව ඉතාමත් ඉක්මණින් ලබාදීමට ඔවුන් බළාපොරොත්තුවෙන් සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක, XDA-Developers වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.