Android Pie, එහෙමත් නැතිනම් Android 9 සංස්කරණය නිකුත් කිරීමත් සමඟින් හඳුන්වාදුන් Digital Wellbeing පහසුකම සියළුම Android One ජංගම දුරකථන වලට ලබාදීමට තීරණය කර තිබෙන බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Android Pie වල තිබෙන Digital Wellbeing පහසුකම සියළුම Android One ජංගම දුරකථන වලට ලබා දෙයි
මේ වසර ඇතුලත Digital Wellbeing [https://wellbeing.google/] ගැන විශාල කතාබහක්ඇතිවූ අතර Google, Apple සහ Facebook වැනි තාක්ෂණික ලොව දැවැන්තයින් මේ වෙනුවෙන්විශේෂ අවධානයක් යොමු කරන්නට කටයුතු කලා. මේ Digital Wellbeing පහසුකම කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් කියනවා නම්, මේ පහසුකමහරහා අපිට අපේ ජංගම දුරකථ…

ඔන්න දැන්, අලුතින් නිකුත් කිරීමට කටයුතු කරනු ලබන සෑම Android ජංගම දුරකථනයකටම USB-C Power Delivery පහසුකම හා Digital Wellbeing පහසුකම ඇතුලත් කිරීම අනිවාර්යය කිරීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

Digital Wellbeing through technology | Google
Google believes technology should play a helpful role in people’s lives, and we’re committed to helping everyone find a balance that feels right.

මේ අනුව Google සමාගමේ Google Mobile Services (GMS) (Google Play Store ඇතුළු Google Apps) තමන්ගේ ජංගම දුරකථන වලට ඇතුලත් කිරීමට අවශ්‍යය නම්, ඉහත සඳහන් නීති වලට එකඟ වීමට ජංගම දුරකථන නිශ්පාදකයන් හට සිදු වෙනවා.

මීට අමතරව 2020 වර්ෂයේ ජනවාරි මස 31 වැනි දිනට පසුව approve කරනු ලබන සෑම ජංගම දුරකථනයකටම Android 10 මෙහෙයුම් පද්ධතිය pre-install කර තිබීම ද අනිවාර්යය කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

කොහොම නමුත් ඊට පෙර අනුමැතිය ලබාගත් devices සඳහා මෙම නීතිය අනුකූල නොවන බව ද වාර්ථා වන අතර එසේ අවසර ලබාගත් devices එළිදැක්වීමට ජංගම දුරකථන නිෂ්පාදකයන් හට අවස්ථාව ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය හා India Today වෙබ් අඩවිය භාවිතා කළ හැක.