මේ වසර ඇතුලත Digital Wellbeing ගැන විශාල කතාබහක් ඇතිවූ අතර Google, Apple සහ Facebook වැනි තාක්ෂණික ලොව දැවැන්තයින් මේ වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරන්නට කටයුතු කලා.

මේ Digital Wellbeing පහසුකම කියන්නේ මොකක්ද කියලා කෙටියෙන් කියනවා නම්, මේ පහසුකම හරහා අපිට අපේ ජංගම දුරකථනය භාවිතා කරන ආකාරය ගැන අදහසක් ලබා ගැනීමට මෙන්ම අනතුරුව ඒ හරහා තමන්ගේ සුබසිද්ධිය උදෙසා මේ සමඟ ගත කරනු ලබන කාලය කළමනාකරණය කරගැනීමට අවශ්‍යය පහසුකම් සපයනු ලබනවා.

දවස තිස්සේ අපි මොන වගේ apps එක්ක කොයි තරමි කාලයක් ගත කරනවාද, කී වරක් notifications ලැබුණාද, screen එක unlock කළ වාර ගණන වැනි තොරතුරු හරහා අපිට අපි ගැන තීරණය කළ හැකි තොරතුරු ලබා දෙන අතර ම, මේ තොරතුරු හරහා තීරණයන් ගෙන නින්දට යන වේලාව, Facebook එකේ ගත කරන වේලාව, යම්කිසි කාලසීමාවකදී notification මගින් සිදු වන බාධා කිරීම් නැවැත්වීම වැනි දේ සිදු කිරීමට අවශ්‍යය පහසුකම් මේ හරහා ලැබෙනවා.

Google සමාගම විසින් ඔවුන්ගේ Digital Wellbeing පහසුකම Android Pie සමඟ ඔවුන්ගේ Pixel devices වලට නිකුත් කිරීමට කටයුතු කලත් බොහෝමයක් Android ජංගම දුරකථන වලට මේ පහසුකම තවමත් ලබාදීමට කටයුතු කර ‍නැහැ.

කොහොම නමුත් Pixel devices වලට අමතරව Android One ව්‍යාපෘතිය යටතේ නිෂ්පාදනය කර බෙදා හරිනු ලබන ජංගම දුරකථන සඳහා මේ පහසුකම ලබා දීමට Google සමාගම මේ වන විට කටයුතු කර ඇති අතර මේ අනුව Nokia 7 Plus සහ Nokia 6.1 යන ජංගම දුරකථන වලට මෙම පහසුකම ලබා දී තිබෙනවා.

එමෙන්ම මීළඟ මාස කිහිපය ඇතුලතදී අනෙකුත් සියළුම Android One devices සඳහා මේ Digital Wellbeing පහසුකම ලබා දීමට ඔවුන් කටයුතු කරනු ලබන බව දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා xda-developers වෙබ් අඩවිය හා Google සමාගමේ නිළ Digital Wellbeing වෙබ් අඩවිය භාවිතා කළ හැක. එමෙන්ම Google Play Store එක හරහා මේ Digital Wellbeing app එක download කරගැනීමට ද අවස්ථාව තිබෙනවා.