Apple සමාගම කුලී කොන්තරාත්කරුවන් යොදා Siri assistant ඔස්සේ ලබාදෙන voice commands වලට සවන් දෙන බව පසුගිය සැප්තැම්බර් මාසයේදී අප ඔබව දැනුවත් කලා මතක ඇති.

Apple Siri හරහා කරන ලද පටිගතකිරීම් මිනිස් ශ්‍රමිකයන් හට සවන්දීමේ හැකියාව ලබාදීම නැවැත්වීමට කටයුතු කරයි
ලෝකයේ ඇති බොහෝ විශාල තාක්ෂණික සමාගම් තම නිශ්පාදන හරහා පටිගත කරන ලද හඩපට වලටරහසිගතව සවන් දෙන බවට මීට පෙර වාර්තා වී ඇති බව අපි ඔබව දැනුවත් කළා මතක ඇත. Audio Messages වලට සවන්දීම සඳහා වෙනත් ආයතන වල සහාය ලබා ගැනීමට Facebook සමාගමකටයුතු කරයිFacebook ආයතනය විසින් ඔවුන්ගේ platform හරහා යවනු ලබන private …

මේ Apple Siri සේවාව සඳහා යොදාගනු ලබන voice commands පටිගත වන බව හෝ ඒවා තවත් මිනිසුන් හට සවන්දීමට හැකියාව ඇති බව බොහෝ Apple පරිශීලකයන් නොදන්නා කාරණයක් වූ අතර මේ හරහා රහස්‍ය වෛද්‍ය තොරතුරු, මත්ද්‍රව්‍ය ගනුදෙනු, ලිංගික සම්බන්ධකම් පිලිබඳව වන දේවල් පවා පිටස්තර පුද්ගලයන් හට දැනගැනීමට ලැබී තිබුණා.

මෙම පුවත වාර්ථා වීමෙන් දින කිහිපයකට පසු Apple සමාගම විසින් මේ පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කරමින් මේ වෙනුවෙන් සමාව අයැද සිටි අතර, තවදුරටත් මෙම පටිගතකිරීම් ගබඩා කර නොගන්නා බවත්, ඒ වෙනුවට එම පටිගතකිරීම් වලට අදාල transcript පමණක් store කරගනු ලබන බවත් ප්‍රකාශ කර සිටිනවා.

Improving Siri’s privacy protections
Our goal with Siri, the pioneering intelligent assistant, is to provide the best experience for our customers while vigilantly protecting their privacy.

කෙසේ වෙතත් මේ වන විට මෙම ගැටලුවට විධිමත් පිළියමක් ලබා දීමට apple සමාගම සූදානමින් සිටින අතර Apple Siri වැඩසටහන දියුණු කිරීම සඳහා තම voice commands භාවිතා කිරීම වෙනුවෙන් අකමැති පරිශීලකයන් හට එයින් ඉවත් වීමේ (opt-out) පහසුකමක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මෙය "Settings > Privacy > Analytics and Improvements, turn off “Improve Siri and Dictation." යන අලුත් option එක හරහා සිදු කරගැනීමේ හැකියාව ලැබෙනවා.

මීට අමතරව "Delete Siri and Dictation History" යන අලුත් option එක හරහා මීට පෙර සිදු කළ voice commands පිළිබඳව වන දත්ත ඔවුන්ගේ දත්ත ගබඩා වලින් මකා දැමීමේ හැකියාවද පරිශීලකයන්ටලබා දී ඇති අතර අලුතින් ලබාදෙන commands ද පැය 24ක් ඇතුලත දත්ත මකා දැමීමේ පහසුකමක්ද අන්තර්ගතව ඇත.

එමෙන්ම Audio clip වලට සවන්දීම Apple සමාගමේ සේවකයන් හට පමණක් සීමා කිරීමටත්, පිටස්තර contractor වරුන් හට අදාල transcript කියැවීමේ හැකියාව පමණක් ලබාදීමටත් ඔවුන් කටයුතු කර තිබෙනවා.

ඉහත සඳහන් කළ විසඳුම් මේ වන විට iOS 13.2 beta සංස්කරණය හරහා පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර ඉතාමත් ඉක්මණින් සාමාන්‍යය iOS පරිශීලකයන් හට නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කරනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.