Google සමාගම විසින් පසුගිය ව‍සරේදී Nest Hub සහ Nest Hub Max smart displays වෙළඳපොලට නිකුත් කළ අතර මෙම devices සඳහා පිළිවලෙන් අඟල් 7 ″ සහ 10 ″ displays ඇතුලත් කිරීමට Google සමාගම විසින් කටයුතු කර තිබුණා.

මෙම devices දෙකෙන් විශාල device එක වන Nest Hub Max සඳහා video calls සඳහා භාවිතා කළ හැකි 12MP කැමරාවක් ලබාදී තිබූ නමුත් මේ වන තෙක් එය භාවිතා කිරීමට හැකි වූයේ සාමාන්‍ය video calls සඳහා පමණක් වන අතර දැන්, Nest Hub Max මඟින් Google Duo සහ Meet වලින් group video calls ලබා ගැනීම‍ට හැකියාව ලබාදීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ video calls ලබා ගැනීමේ කටයුත්ත පහසුවෙන් සිදු කරගැනීම සඳහා “Hey Google, make a group call” යැයි පැවසීමෙන් හැකියාව තිබෙන නමුත් ඔබ groups කිහිපයක සිටින විටදී ඔබට connect වීමට අවශ්‍ය group එක select කිරීමට සිදුවෙනවා.

Nest Hub Max හි කැමරාව Sony IMX277 sensor එකකින් බලගැන්වෙන අතර “auto-framing” සඳහාද සහය දක්වනවා, මෙයින් අදහස් කරන්නේ මෙහි ඇති කැමරාව මඟින් ඔබ සිටින්නේ කොතනද යන්න හඳුනා ගැනීමට හැකියාව ඇති බවයි.

Google Duo PWA එක මඟින් එක් වරකට පුද්ගලයන් 36ක් දක්වා group calls සඳහා එකතු කරගැනීමේ හැකියාව ලබාදෙයි
පසුගිය මාසයේදී Google Duo [https://duo.google.com/] හරහා group call ලබා ගැනීමේපහසුකම සහ අලුත් features රැසක් ලබා දීමට සූදානම් වන බව මීට පෙර අපි ඔබව දැනුවත්කළා මතක ඇති. Chrome භාවිතා කරමින් Google Duo හරහා group call ලබාගැනීමේ පහසුකම සහ අලුත්features රැසක් ලබාදීමට සූදානම් වෙයිGoogle Duo සේවාවේ[https://duo.google.com/about/…

සති කිහිපයකට පෙර Google Duo සඳහා එක වරකට සම්බන්ධ විය හැකි පුද්ගලයන් සංඛ්‍යාව පුද්ගලයන් 12 සිට 32 දක්වා වැඩි කළ අතර Nest Hub Max සඳහාද ඒ සිමාව අදාළ වෙනවා.

Google meet සේවාව ඕනෑම අයෙකු සඳහා නොමිලේ ලබාදීමට Google සමාගම කටයුතු කරයි
Google ආයතනය විසින් තමන්ගේ video conferencing සේවාවක් වන Google Meet[https://meet.google.com/]සේවාව G Suite හරහා ව්‍යාපාරික හා අධ්‍යාපනිකගනුදෙනුකරුවන් සදහා පමණක් ලබා දී තිබුණත් දැන් එය Google ගිණුමක් ඇති ඕනෑම අයෙකුටභාවිතා කිරීමට හැකියාව ලබාදී ඇත. මෙමගින් දැන් 100 දෙනෙකු දක්වා පිරිසක් time limit …

COVID-19 outbreak එකත් සමඟ බොහෝ දෙනා තමන්ගේ අධ්‍යාපන සහ ව්‍යාපාර කටයුතු සඳහා video conferencing ‍සේවාවන් භාවිතයට යොමු වනවාත් සමඟ Google සමාඟම විසින් Google meet සේවාව ඕනෑම අයෙකු සඳහා නොමිලේ ලබාදීමට කටයුතු කළ අතර මෙහිදී එක වරකට පුද්ගලයින් 100 දෙනෙකු දක්වා සම්බන්ධ විමට හැකියාව ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.