Samsung යනු ජංගම දුරකථන, රූපවාහිනී ආදී නොයෙක් වර්ග වල ඉලෙක්ට්‍රොනික උපාංග නිපදවන ලොව විශාලතම සමාගමක් වන අතර ඔවුන් විසින් නිපදවනු ලබන Electronic උපාංග වෙනත් වෙළඳනාම වලටද බහුලව යොදා ගැනෙනවා.

මේ අතරින් ජංගම දුරකථන සඳහා තිර නිශ්පාදනය පිළිබඳව Samsung සමාගම විශාල කීර්තියක් අත්කරගෙන ඇති අතර Samsung දුරකථන වලට මෙන්ම් Apple උපාංග සඳහා Retina තිර සපයන්නේද Samsung සමාගමයි.

කොහොම නමුත් industry analysts DSCC ආයතනය සඳහන් කරන්නේ Samsung සමාගම ඉදිරියේදී නිකුත් වීමට නියමිත ඇතැම් Samsung ජංගම දුරකථන සඳහා තිර සැපයීම සම්බන්ධයෙන් තවත් ලෝ ප්‍රකට තිර නිශ්පාදකයෙකු වන BOE Technology (Beijing Oriental Electronic Group) ආයතනය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් වන බවයි.

සිය උපාංග වල, විශේෂයෙන් Mid-range උපාංග වල නිෂ්පාදන වියදම අඩු කරගැනීම මෙහි ප්‍රධාන අරමුණ බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ අනුව 2021 දි නිකුත් කිරීමට නියමිත Galaxy S21 හි එක් මාදිලියක් සඳහා අඟල් 6.67 ක Flexible OLED තිරයක් හා Galaxy A91 සඳහා අඟල් 6.67 ක FHD+ තිරයක් BOE සමාගමෙන් ලබා ගැනීමට Samsung සමාගම බලාපොරොත්තු වන බව වාර්ථා වෙනවා.

BOE යනු 1993 වසරේ ඇරඹි චීන සමාගමක් වන අතර OLED තිර සැපයීම අතින් එය තවමත් Samsung හා LG සමාගම් වලට පිටුපසින් සිටින නමුත් එය වර්තමානයේදී ජංගම දුරකථන සඳහා LCD තිර සපයන ලොව විශාලතම සමාගමයි.

2020 Q4 කාර්තුවේදී Samsung සමාගමට OLED තිර නිශ්පාදන වෙළඳපොල තුළ 11% ක අඩු වීමක් පෙන්වනු ඇති බව අනුමාන කර ඇති පසුබිම තුළ Samsung හි OLED තිර මත යැපෙන Apple සමාගමටද සිය මීළඟ iPhone 12 series එක සඳහා BOE සමාගමේ සහය ලබා ගැනීමට සිදුවනු ඇතැයි මත පළවී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනැගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය, SamMobile වෙබ් අඩවිය සහ GizChina වෙබ් අඩවිය භාවිතා කළ හැක.