මෙහෙයුම් පද්ධති වල යවත්කාල කිරීම් විවිධ හේතු නිසා ලබාදෙනවා. නව සේවාවන් හා පහසුකම් ලබාදීමටත් ආරක්ෂක යාවත්කාල කිරීම් ලෙසත් මේවා ලබාදිය හැකියි.

Apple සමාගම විසින් සිය ජංගම දුරකථන වෙනුවෙන් මෙසේ නව යාවත්කාල කිරීමක් iOS 12.1 ලෙසින් නිකුත් කළේ ඊයේ දිනයේදීයි.

මෙම නිකුත් කිරීමෙන් පැය දෙකක් ගතවීමටත් මත්තෙන් Jose Rodriguez නම් වූ ස්පාඤ්ඤ ජාතික හැකර්වරයෙකු විසින් මෙම iOS 12.1 සංකරණය හැක් කර එහි පවතින විශේෂ දුර්වලතාවන් ගණනාවක් පිළිබදව තොරතුරු හෙළි කළා.

විශේෂයෙන් මෙහිදී iPhone passcode bypass bug එකක් හෙළි කරගෙන තිබෙන අතර එම දුර්වලතාව උපයෝගී කරගෙන භාවිතාකරන්නාගේ අවසරයකින් තොරව Apple උපාංගයට පිවීමේ හැකියාව ඔහු විසින් ලබාගෙන තිබෙනවා.

මෙම දුර්වලතාව භාවිතයෙන් ජංගම දුරකථනයක් හැක් කරන ආකාරය ඔහු විසින් YouTube වෙතද එක් කර තිබුණා.

මෙම passcode bypass හැකිං ක්‍රමවේදය iPhone X සහ XS devices සියල්ලන්ටම සාර්ථකව ක්‍රියාත්මක වන බව ඔහු විසින් පෙන්වාදී තිබෙනවා. ඒ අනුව දැනට ලෝකයේ භාවිතා කරන නවීනතම Apple උපාංග සියල්ලම පාහේ හැකිං ප්‍රහාරයන් වලට විවෘත බවයි පෙනී යන්නේ.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා thehackernews වෙබ් අඩවිය භාවිතා කළ හැක.