Google Maps මඟින් පරිශීලකයින් හට වඩාත් සවිස්තරාත්මක සහ වර්ණවත් සිතියම් ලබාදීම සඳහා Maps හි ප්‍රතිනිර්මාණයක් හඳුන්වාදීමට සැලසුම් කරන බව මේ වන විට Google සමාගම වාර්තා කරනවා.

මෙම වෙනස්කම් සමඟ Google Maps හරහා විවිධාකාර භූගෝලීය තොරතුරු පරිශීලකයන් හට පෙන්වීමට හැකියාව ලැබෙනු ඇති බවත්, නිල් පැහැයෙන් " විල්, ගංගා, සාගර" ආදියත්, දුඹුරු පැහැයෙන් " ශුෂ්ක වෙරළ හා කාන්තාර" ආදියත්, පෙන්වනු ලබනවා.

මේ නිසා ජලාශ්‍රිත ප්‍රදේශ හා වියළි ප්‍රදේශ අතර වෙනස පහසුවෙන් හඳුනාගැනීමට පරිශීලකයන් හට හැකියාව ලැබෙන බව Google සමාගම ප්‍රකාශ කර සිටිනවා.

A more detailed, colorful map
We’re rolling out new visual improvements that bring even more detail and granularity to the map.

මෙම යාවත්කාලීනයත් සමඟ, වෙනත් ඕනෑම ප්‍රධාන map app එකක පවතින ස්වාභාවික ලක්ෂණ වලට වඩා පුළුල් දැක්මක් Google Maps හරහා ලබා ගත හැකි වන අතර Google Maps මඟින් රටවල් සහ ප්‍රදේශ 220ක් සඳහා සහාය දක්වන බවත්, වර්ග කිලෝමීටර මිලියන 100 කට වඩා වැඩි භූමි ප්‍රමාණයක් ආවරණය කරන බවත් Google සමාගම විසින් සිය නිළ blog අඩවිය ඔස්සේ සඳහන් කර තිබෙනවා.

මෙහිදී ඔවුන්ගේ AI තාක්ෂණය හරහා satellite images අධීක්ෂණය කර, අයිස් වලින් වැසුනු, වන ගහනයෙන් වැසුනු හෝ කඳු වලින් සමන්විත වන ප්‍රදේශ වැනි වෙනස්කම් හඳුනාගෙන ඒවා වෙන් කරනු ලබනවා.

Google සමාගම විසින් නව වර්ණ සිතියම්කරණ ක්‍රමවේදයක් භාවිතා කර ඇති නිසාවෙන් එමඟින් ශුෂ්ක, අයිස් සහිත, වනාන්තර සහ කඳුකර ප්‍රදේශ ඇතුළු ලෝකයේ විවිධ භූ ලක්ෂණ හඳුනාගත හැකි අතර මෙම අංග HSV වර්ණ ආකෘතියට වර්ණගන්වා ඇති නිසා වනාන්තර, පඳුරු සහ තවත් බොහෝ දේ වෙන්කර හඳුනා ගැනීම පහසු කරයි.

ඊට අමතරව අයිස්ලන්තය, මොරොක්කෝව, Mount Rainier ජාතික උද්‍යානය, ක්‍රොඒෂියාව, ඇරිසෝනාව සහ සෙඩෝනා වැනි ප්‍රදේශවල පැරණි සහ නව පෙනුමද Google සමාගම විසින් ඔවුන්ගේ blog අඩවියෙහි දක්වා තිබුණා.

Google’s caption: “Iceland’s rich landscape is now much easier to visualize. You can see the varying densities of greenery throughout the country and more easily spot Vatnajökull–the largest ice cap in Iceland, which is now depicted in white.”
Google’s caption: “Morocco’s greenery pops, so you quickly get a sense of the vegetation that lines its coast and the northern part of the country.”
Google’s caption: “Zoom out on Mt. Rainier National Park to see its mountainous ridges, white snowcap, and vegetation surrounding the area. The borders of the national park are more clearly defined with a darker shade of green.”
Google’s caption: “You can clearly make out the beaches and greenery that line Croatia’s coast and nearby islands, like Hvar.”
Google’s caption: “Panning over Sedona, Arizona accurately reflects its desert landscape and more clearly displays where Red Rock State Park is located.”

මෙම update එක හරහා විශාල අග නගරවල සහ කුඩා ග්‍රාමීය නගර සඳහා ද විශාල විස්තර ප්‍රමාණයක් දැකිය හැකි වන අතර, මේ වන විට “පරිමාණයට යන මාර්ගයක නිවැරදි හැඩය සහ පළල” ඇතුළුව වඩාත් සවිස්තරාත්මක වීදි තොරතුරු ඇතුළත් වන අතර එමඟින් Google Maps භාවිතා කරන්නන් හට sidewalks, crosswalks සහ pedestrian islands ආඳිය පිහිටා ඇති ස්ථාන පහසුවෙන් හඳුනාගැනීමට හැකියාව හිමි වෙනවා.

New street views (shown here on the right) in London, New York, and San Francisco will show off more street details. - Image: Google

මෙලෙස එකතු වන භූ දර්ශන සඳහා නව වර්ණවත් නිරූපණය කිරීම් ඇතුළු පහසුකම් සියලුම පරිශීලකයින් සඳහා මේ සතිය තුළ ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇති අතර ඊට අමතරව වඩාත් සවිස්තරාත්මක street maps ඉදිරි මාසවලදී ලන්ඩන්, නිව් යෝර්ක් සහ සැන් ෆ්රැන්සිස්කෝ යන නගර වලට ලබාගැනීමට ද හැකියාව ලැබෙනු ඇත.

Maps - Navigate & Explore - Apps on Google Play
Navigate your world faster and easier with Google Maps. Over 220 countries and territories mapped and hundreds of millions of businesses and places on the map. Get real-time GPS navigation, traffic, and transit info, and explore local neighborhoods by knowing where to eat, drink and go - no matter w…
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google blog අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.