මෙම වසරේදී නිකුත් විමට නියමිත iPhone 12 series එක සඳහා එම දුරකථකන මාලාවේ මිල ගණන් අඩු කිරීමට Apple සමාගම විසින් ක්‍රියාමාර්ග ගෙන ඇති බවට විවිධ ආකාරයේ නව ප්‍රවෘත්ති මේ වන විට වාර්තා වෙමින් පවතිනවා.

මීළඟට නිකුත් වීමට නියමිත iPhone 12 මාදිලි වල මිලගණන් සැළකිය යුතු ලෙස අඩු වීමක් දැකගත හැකිවන ලකුණු
Apple සමාගම යනු ඉතා ඉහළ මිල ගණන් වලට තාක්ෂණික උපාංග නිකුත් කරන සමාගමක් වන අතරවිශේෂයෙන්ම අලුතින් නිකුත් වන iPhone ජංගම දුරකථන සෑම විටම ඉහළම මිල පරාසයක රැඳීතිබෙනවා. ඇතැම් පාරිභෝගිකයන් මේ මිල ගණන් ගැන කණස්සල්ල පලකර තිබුනද iPhone වල ඇති ඊටම ආවේණිකQuality එක හා Design එක නිසාම මෙම මිල වැඩි වීම කියන ක…

තවද, MacRummors, The Verge, 9to5Mac යන ප්‍රධාන තාක්ෂණික පුවත් පළ කරනු ලබන වෙබ් අඩවි වාර්ථා කරන අන්දමට iPhone 12 ජංගම දුරකථනය සමඟින් Charger එක සහ Earbuds ලබා නොදෙන අතර 20W charger එක වෙනම මිලදීගැනීමට සිදුවන බවට සඳහන් වෙනවා.

iPhone 12 ජංගම දුරකථනය සමඟින් Charger එක සහ Earbuds ලබා නොදෙන අතර 20W charger එක වෙනම මිලදීගැනීමට සිදුවන ලකුණු
මෙම වසරේ නිකුත් වීමට නියමිත iPhone 12 මාදිලි සමඟින් EarPods හෝ power adapter එකනොමිලයේ ලබා නොදීමට Apple සමාගම සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා. MacRummors[https://www.macrumors.com/2020/06/28/kuo-no-charger-in-iphone-12-box/], TheVerge[https://www.theverge.com/2020/6/28/21306499/2020-iphones-no-power-adapter-earpods-new-ipads-20w-charger…

iPhone 12 series එක සඳහා 5G දෘඩාංග ඇතුළත් කිරීම හේතුවෙන් ඉහළ නිෂ්පාදන පිරිවැයකට මුහුණ දීමට Apple සමාගමට සිදුවී ඇති නිසාවෙන් ඉහත සඳහන් කළ පරිදී Apple සමාගම විවිධ උපක්‍රම භාවිතයෙන් iPhone 12 දුරකථන මාලව නිකුත් කිරීම සඳහා වැය වෙන මූලික වියදම අඩු කීරිමට ඔවුන් කටයුතු කරනු ලබන බව දැකගත හැකි වෙනවා.

විශ්ලේෂකවරයෙකු වන Ming-chi Kuo විසින් සඳහන් කර ඇති පරිදි අඩු වියදම් සහිත දෘඩාංග භාවිතා කිරීම මඟින් Apple සමාගම විසින් iPhone 12 දුරකථන මාලවේ මිල අඩු කිරීම‍ට සූදානම් වන බව MacRumors සහ AppleInsider යන තාක්ෂණික වෙබ් අඩවි සඳහන් කරනවා.

Kuo පවසන පරිදි iPhone 12 ජංගම දුරකථනයෙහි battery board එක කුඩා ප්‍රදේශයකට සීමා කරනු ඇති බවත්, එම battery වල ඇති layers ප්‍රමාණය අඩු කිරීමට කටයුතු කරනු ලබන බවත්, වාර්ථා වන අතර එමඟින් iPhone 11 හා සසඳන විට 40% - 50% පිරිවැය අඩුවෙනු ඇතැයි සඳහන් වේ.

මේ අනුව මෙම design change එක නිසාවෙන් ඉදිරියේදී මෙම ජංගම දුරකථන සඳහා replacement battery එකක් ලබාගැනීමේදී ද 30% - 40%ක මිළ අඩුවීමක් දැකගත හැකිවනු ඇති බව ඔහු පෙන්වා දෙනවා.

මීට අමතරව third generation AirPods සඳහා ද මෙම battery design එක හඳුන්වාදීමට නියමිත වන අතර මේ හරහා එහි battery cost එක ද පහළට ගෙන ඒමට Apple සමාගම සූදානමින් සිටින බව වාර්ථා වෙනවා.

එක් iPhone එකක් සඳහා mmWave 5G hardware වලට පමණක් ඇමෙරිකානු ඩොලර් 125ත් 135ත් අතර මුදලක් ද, sub-6GHz තාක්ෂණය ඇතුලත් කිරීමට අමතර ඩොළර් 75ත් - 85ත් අතර මුදලක් ද වැය වනු ඇති අතර මෙම වෙනස්කම් හරහා ද එසේ වැඩි වන පිරිවැය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට Apple සමාගමට හැකියාව නොලැබෙනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.