ඔබ YouTube ගැන උනන්දු අයෙක් නම් YPP එහෙමත් නැතිනම් YouTube Partner Program සඳහා සම්බන්ධ විමේ හැකියාව මෙතෙක් ශ්‍රී ලංකාවට සහාය දැක්වුවේ නැති බව දැනටමත් දන්නවා ඇති.

නමුත් මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ සිටින YouTubers ලාට තමන්ගේ YouTube නාලිකා වල monetization enable කර ගැනීමට ක්‍රම දෙකක් භාවිතා කරනු ලැබුවා‍. ඒවා නම්,

  1. තමාගේ YouTube Channel එක MCN (Multi-channel network) එකකට Join කිරීම
  2. YouTube නාලිකාව අයත් රට YouTube Partner Program එක සඳහා සහය දක්වන රටක් ලෙස තේරීම

Monetization පහසුකම ලබාගැනීමේ නීත්‍යානුකූල ක්‍රමය නොවන නමුත් ලංකාවේ සිටින බොහොමයක් YouTubers ලා ඉහත දක්වා ඇති දෙවෙනි ක්‍රමය අනුගමනය කරන බව දැකගත හැකි වෙනවා.

කෙසේ නමුත්, තවදුරටත් එම ක්‍රමයට ඔබ ඔබගේ YouTube Channel එකේ ර‍‍ට වෙනස් කිරීමට අවශ්‍ය වන්නේ නැති අතර මේ වන විට YouTube Partner Program එක සඳහා සහාය දක්වන රටවල් ලයිස්තුවට ශ්‍රී ලංකාවද එක් කිරීමට YouTube සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

YouTube Partner Program availability - YouTube Help
You can sign up for the YouTube Partner Program in the following areas: Algeria American Samoa Argentina Aruba Azerbaijan Australia Austria Bahrain Bangladesh Bermuda Bela

YouTube සමාගම විසින් දැනට ප්‍රකාශ කර ඇති පරිදි, YouTube Partner Program එකට සම්බන්ධ විම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් වන පසුගිය මාස 12ක් ඇතුලත subscriber වරුන් 1,000ක ප්‍රමාණයක් ලබාගැනීම සහ watch hours 4,000ක් ලබාගැනීම යන නිර්ණායක නොවෙනස්ව පවතින බව වාර්තා වෙනවා.

‍කොහොම නමුත් නිළ නොලත් ආරංචි මාර්ග වලින් ලැබෙන තොරතුරුවලට අනුව පෙනී යන්නේ ලබන වසරේ සිට YouToube Partner Program සමඟ සම්බන්ධ වීම සඳහා අවශ්‍ය අවම සුදුසුකම් වෙනස් කිරීමට ඔවුන් සුදානම් වන බවයි.

මෙම වෙනස්කම මොන ආකාරයෙන් සිදුවේද යන්න පිළිබඳ අප විසින් අවධානයෙන් සිටින අතර ඒ පිළිබඳ නිළ පුවත් සැලවූ විගස අප ඔබව ඒ පිළිබඳව දැනුවත් කිරීමට සූදානමින් සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ YouTube Help Center වෙබ් අඩවිය භාවිතා කළ හැක.