Google සමාගම විසින් පසුගිය මාස කිහිපය පුරාවට Google maps වලට එකතු කරනු ලැබූ Commute tab එක ගැන , Group planning පහසුකම , Follow Option වැනි විශේෂාංග කිහිපයක්ම ගැනම අප ඔබව මීට කලින් දැනුවත් කලා මතක ඇති.

ඉතින් ඔන්න දැන් Google Maps හරහා message යැවිය හැකි අලුත් පහසුකමක් ඇතැම් Google Maps පරිශීකලයන් හට ලැබී ඇති බව දැනගන්නට ලැබෙනවා. කෙසේ වුවත් මෙය අමුත්තක් නොවන්නේ බොහෝ විට අලුත් features හදුන්වා දීමට පෙර එය සුලු පිරිසකට ලබා දී පරීක්ෂා කිරීම Google සමාගම විසින් නිතරම සිදුකරනු ලබන්නක් නිසාවෙනුයි.

කෙ‍ාහොම නමුත් මෙලෙස Google Maps වලට පැමිණීමට නියමිතයි පැවසෙන message සේවාව WhatsApp වැනි මිතුරන් සමග එක්වී Chat කළ හැකි සේවාවක් නම් නෙමෙයි. මෙය නිර්මාණය කර ඇත්තේ Google Maps හරහා ව්‍යාපාරික ස්ථාන සම්බන්ධ කර ගැනීමට වන අතර මේ හරහා අදාල ව්‍යාපාරික ස්ථානය හා සමග සම්බන්ධ වී තොරතුරු දැනගැනීමට අවස්ථාව ලැබෙනවා.

ඉතින් මේ අලුත් message  පහසුකම සඳහා Messages නමින් අලුත් tab එකක් Google maps වෙත එකතු කර තිබෙනවා. මේ Messages tab එක මත ක්ලික් කර මෙතෙක් යවා ඇති සියලු Messages බැලිය හැකි අතර ඒවා Report කරන්න වගේම Delete කර දැමීමේ හැකියාවත් පවතිනවා.

ඒ වගේම කලින් ඔබ සම්බන්ධ නොවූ තැනක් මුල් වරට බැලුවොත් එම අදාල ව්‍යාපාරය Message Service එක Enable කර තියෙනවා නම් Message This Business ලෙසත් දැකගන්න පුලුවන්.

එසේ්ත් නොමැතිනම් DIRECTION, CALL, SAVE සමග ඇති Message මත ක්ලික් කිරීම තුළින් ආදාල ව්‍යාපාරය සමග අලුත් සංවාදයක් ගොඩනගා ගන්න පුලුවන්.

ඉතින් මෙම පහසුකම පිළිබදව තවමත් Google සමාගම නිළ සදහන් කිරීමක් සිදු කර නොමැති අතර ඒ කෙසේ වුවත් මේ පිළිබදව නිල සඳහනක් කළහොත් ඒ පිළිබදව මේ ලිපියේ update එකක් මගින් දැනුවත් කිරීමටත් අපි බළාපොරොත්තු වෙනවා.

මේ පිළිබදව වැඩි විස්තර දැනගැනීම සඳහා BGR වෙබ් අඩවිය හා Tech Radar වෙබ් අඩවිය භාවිතා කළ හැක.