අපි නොදන්න තැනකට යන්න, නොදන්න ස්ථානයක් ගැන දැනගන්න, එ් විතරක් නෙමෙයි නොදන්න restaurants එකකට යන්න කලින් එ් ගැන දැනගන්න අපි ගොඩක් දෙනෙක් භාවිතා කරන සේවාවක් ලෙස Google Maps හදුන්වන්න පුලුවන්.

හැබැයි හිතන්න ඔයාට අවශය වෙනවා ඔයාගේ යාලුවන්ට ඔයාගේ Birthday Party එක හොද Restaurant එකක දෙන්න. ඒ වගේම ඔයා දන්න Restaurants කීපයක් තියෙනවා අතරම මේවා අතර ගණන් වල ලොකු වෙනසකුත් නැහැ. ඉතින් එ් වගේ අවස්ථාවකදී තීරණයක් ගන්න ටිකක් අමාරු වෙනවා.

මෙන්න මේ ප්‍රශ්නය විසඳන්න තමයි Google සමාගම විසින් මේ Group planning කියන අළුත් පහසුකම Google Maps වලට එකතු කරන්නට කටයුතු කරලා තියෙන්නේ.

Shortlist කරන ආකාරය

ඉතින් මේ Group planning කියන feature එක හරහා පුලුවන් අපි කලින් සදහන් කලා වගේම ඔයාට කැමති ස්ථානය තෝරලා එ් මත ටික වේලාවක් tap කරගෙන ඉඳලා ( long-press )  එ් ස්ථානය ඔයාගෙ shortlist එකට drag කර ගන්න. වගේම එ් විදිහට ඔයා කැමති ස්ථාන ටික list කරාට පස්සෙ ඔයාට හැකියාව තියෙනවා එ් ස්ථාන ටික ඔයාගේ යාලුවෝ අතරේ Share කරන්න.

මිතුරන් අතරේ share කරන ආකාරය

ඊට පස්සෙ යාලුවන්ට පුලුවන් එ් එ් අයගේ කැමති හා අකමැති බව අනුව අදාල Restaurants වලට තමන්ගෙ කැමැත්ත හෝ අකමැත්ත ලබා දෙන්න. ඉතින් මේ හරහා ඔයාට අවස්ථාව ලැබෙනවා වැඩිම දෙනෙක් කැමති ස්ථානය ඉතා පහසුවෙන් තෝරා බේරා ගන්න.

මිතුරන්ගේ ප්‍රතිචාර ලබාදීම් සිදුවන ආකාරය

The group planning feature starts rolling out on Android and iOS this week. To get started, download the Google Maps app or update it from the Play Store or App Store.

මේ පහසුකම Android සහ iOS භාවිතා කරන්නන් හට මේ සතිය ඇතුලත ලබා දීමට Google සමාගම සැළසුම් කරගෙන සිටින බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලබනවා.

මේ ගැන වැඩි විස්තර androidcentral වෙබ් අඩවියෙන් සහ Google blog එකෙන් දැනගන්න අවස්ථාව තිබෙනවා.