ඔයා ගමනක් ගන්න කලින් යන්න අදහස් කරන මාර්ගයේ වාහන තදබදක් තියෙනවද, මාර්ගයේ ම‍ොකක් හරි අනතුරුදායක තත්වයක් තියෙනවද, ඒ විතරක් නෙමෙයි, ඔයා යන්න අදහස් කරන්නේ‍ Bus එකක හරි  train එකක ඒක මේ වෙලාවේ තියන තැන, ඉන්න මගීන් කීදෙනෙක් මේ වෙනක‍ොට ඉන්නවාද, වෙලාවට යන්න ඕන තැනට යන්න පුලුවන් වෙයිද වගේ දේවල් දැනගෙන යන්න පුලුවන් වුනොත් ඇත්තටම ග‍ොඩක් පහසුයි නේද?

මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ Google maps වලට අලුතින් එන commute tab එකට ඇතුලත් වෙන අතර මේ අලුත් update එකෙන් පසුව ගමනක් යන්න plan කරන්න කලින් මේ හැම දෙයක් ගැනම දැනගන්න ඔයාට අවස්ථාව ලැබෙනවා.

මේ හරහා කලින් සදහන් කරා වගේම ඔයාට යන්න අවශ්‍යය ස්ථානයට යන අතතුර ඔයාට මුහුණපාන්න වෙන වාහන තදබදය වගේම වෙනත් ආපදා ගැන අවබෝධයක් ලබා ගන්න අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම මේ හරහා ලැබෙන ග‍ොඩක් වැදගත් feature එකක් තමයි ඔයා ගමනක් යන්න Bus එකක් හරි Train එකක් හරි පාවිච්චි කරනවා නම් අදාල Bus හෝ  Train එක මේ වෙනකොට කියෙන තැන, ඒ වගේම මේ වෙලාවේ එකේ ඉන්න මගීන් සංඛ්‍යාව වග‍ේම දැන් ඒ බස් එක තියන තැන ඉඳන් ඔයා‍ගේ  halt එකට එන්න කොච්චර වෙලාවක්  යයිද කියන එකත් ඔයාට බලාගන්න පුලුවන්. මේ සේවාව මූලිකව රටවල් 80 කට පමණ ලබා දීමටත් Google සමාගම සැළසුම් කර තිබෙනවා.

මීට අමතරව අපි traffic එකේ ඉන්නවා නම්, හොඳ ගීත එකතුවක වටිනාකම කියලා නිම කරන්න බැහැ නේද? ඉතින් මේ update එකෙන් Google maps වල ඉදන්ම Google Play Music, Spotify හෝ Apple Music වගේ Music player එකක් control කිරීමේ පහසුකමද ලබාදීමට මොවුන් සූදානම් වෙනවා.

මේ අලුත් පහසුකම් ඇතුලත් වන update එක Android සහ iOS සඳහා මේ සතිය ඇතුලත ලබා දීමට Google සමාගම කටයුතු කරනු ලබන බවත් ඔවුන් වැඩිදුර‍ටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ පිලිබදව වැඩි විස්තර දැන ගැනිමට mspoweruser වෙබ් අඩවිය, theverge වෙබ් අඩවිය හා Google Blog එක භාවිතා කල හැක.