Google සමාගම විසින් හඳුන්වා දුන් සේවාවන් වලින් Google Lens යනු ආරම්භයේ සිට මේ වන විට විශාල වශයෙන් දියුණු කිරීම් වලට පත් කරනු ලැබූ සේවාවක් වන අතර දැනටමත් බොහෝ ප්‍රයෝජනවත් features රාශියක් මේ හරහා ලබාදී තිබෙනවා.

මේ Google lens වලට හඳුන්වාදෙනු ලැබූ නවතම පහසුකම ලෙස Handwriting copy/paste කිරීමේ පහසුකම දැක්වීමට හැකි අතර මෙම පහසුකම මගින් ඔබ අත් අකුරු වලින් ලියන ලද ලිපියක් වැනි දෙයක් ඔබගේ smartphone එක මගින් Google Lens හරහා scan කර එය ඔබගේ ජංගම දුරකථනයට copy කරගත හැකි වෙනවා.

Google Lens - Apps on Google Play
Google Lens lets you search what you see, get things done faster, and understand the world around you—using just your camera or a photo. SCAN & TRANSLATE TEXTTranslate words you see, save a business card to your contacts, add events to your calendar from a poster, and copy and paste complicated co…

එයින් ද නොනැවතී “copy to computer” button එක click කිරීම මගින් scan කරගත් text එක පරිගණකය වෙතට යවා, පරිගණකයේ clipboard එකට සෘජුවම copy කර ගැනීමට හැකියාව ද ලබාදීමට Google සමාගම මේ වන විට කටයුතු කර තිබෙනවා. මේ සදහා ඔබගේ පරිගණකය Google chrome හරහා signed-in වී සිටිය යුතුය.

View post on imgur.com

Copy/paste කිරීමට අමතරව ඔබ scan කරගත් වචන කිනම් භාශාවක වුවත්, එයට සවන්දීමේ හැකියාව ලැබෙන අතර මේ හරහා ඔබ ශබ්ධකිරීමට නොදන්නා වචනයක් වුවත් පහසුවෙන් ශබ්ධ කරන ආකාරය ඉගෙනගැනීමේ හැකියාව ලැබෙනවා.

මේ සඳහ‍ා සිදු කළ යුත්තේ අදාල text එක select කර, "Listen" යන option එක මත click කිරීම පමණි.

එසේම මෙලෙස select කරගත් text එක පිළිබඳව Google හරහා search කිරීමක් සිදු කළ යුතු වන්නේ නම්, තවදුරටත් ඒ සඳහා වෙනත් app එකක් open කිරීමේ අවශ්‍යයතාවයක් නොමැති අතර ඒ වෙනුවෙන්ම ලබාදී ඇති option එකක් ඊට පහලින් ලබාදීමට ද Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ සියළුම පහසුකම් පසුගිය මැයි 7 වැනි දින සිට Android පරිශීලකයින් හට නිකුත් කිරීමට Google සමාගම කටයුතු කර ඇති අතර, ඉදිරි සති කිහිපය ඇතුලත මෙම update එක ඔබටත් ලැබෙනු ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ Google නිළ blog අඩවිය ‍භාවිතා කළ හැක.