Mobitel සමාගම විසින් සංවිධානය කරනු ලබන Google I/O Extended Sri Lanka 2019 event එක ගැන මීට දින කිහිපයකට කලින් ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් Dialog ආයතනය විසින් සංවිධානය කරනු ලබන event එක සඳහා ද ලියාපදිංචි වීමේ හැකියාව ලබා දීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

Note:
2019/04/19 වැනි දින රාත්‍රී 12න් පසුව ‍ලියාපදිංචි වීමේ හැකියාව ලබා දීම අවසන් කිරීමට Dialog සමාගම කටයුතු කර තිබෙනවා.

blockevent.tk/io19lk කියන මේ Link එක හරහා ගොස් මුලින්ම එම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් අනතුරුව Google I/O Extended Sri Lanka 2019 event එක සඳහා Register වීමේ හැකියාව ලැබෙනවා.

මෙම event එකට ලියාපදිංචි වීමේදී ඔබ රැකියාව කරන ස්ථානය, University එක පිළිබඳ මෙන්ම ඔබගේ LinkedIn, Github, Stackoverflow, Medium, Ideamart වැනි සේවාවන් වල ලියාපදිංචි වී සිටින ගිණුම් පිළිබඳවද තොරතුරු සඳහන් කළ යුතු වෙනවා.

මීට අමතරව ඉතාමත් පහසු සාමාන්‍යය දැනීම පිළිබඳ ප්‍රශ්න කිහිපයක් ද ඇතුලත් වන අතර ඒ ගැන නොදන්නේ නම්, Google භාවිතා කිරීම මගින් එයට පිළිතුරු සොයාගැනීමට හැකි බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ.

කොහොම නමුත් ලියාපදිංචි වීමෙන් අනතුරුව Email මගින් confirmation එකක් නම් මෙහිදී ලබා නොදෙන බව පෙනී යනවා.

Dialog සමාගම මගින් පවත්වනු ලබන මෙම event එක මැයි මස 7 වැනි දින 6 PM සිට 8 වැනි දා 5 AM දක්වා Sri Lanka Exhibition and Convention Centre (SLECC) හි දී පැවැත්වීමට නියමිත වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා මෙහි නිළ Facebook Event page එක භාවිතා කළ හැක.