තාක්ෂණය ගැන උනන්දුවෙන් පසුවන ඔබ Google I/O 2019 Event එක ගැන තොරතුරු දැනගැනීමට නොයිවසිල්ලෙන් බලා සිටින බව අපි දන්නවා.

මේ වන විට Mobitel සමාගම විසින් පැවැත්වීමට නියමිත Google I/O Extended Sri Lanka 2019 Event එක සඳහා register වීමේ අවස්ථාව ලබා දීමට ඔවුන් කටයුතු කර තිබෙන අතර, ඔබ මේ ගැන උනන්දුවක් දක්වන්නේ නම් මේ සඳහා ලියාපදිංචි වීමට මේ වන විට අවස්ථාව තිබෙනවා.

Note:
2019/04/12 වැනි දින රාත්‍රී 12න් පසුව ‍ලියාපදිංචි වීමේ හැකියාව ලබා දීම අවසන් කිරීමට Mobitel සමාගම කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් මෙහි ලියාපදිංචි වන සියළුදෙනා හට මෙම event එකට සහභාගී වීමේ අවස්ථාව නොලැබෙන අතර, Mobitel සමාගම විසින් තෝරාගන්නා පුද්ගලයන් හට පමණක් මෙයට සහභාගී වීමට අවස්ථාව ලැබෙනවා.

මේ සඳහා register වීමට නම් Facebook Messenger app එක ‍හෝ Facebook වෙබ් අඩවිය භාවිතා කිරීමට ඔබට සිදු වෙනවා.

පහත සඳහන් Link එක click කර Messenger හරහා Mobitel Innovation Centre සමඟ සම්බන්ධ වීමෙන් අනතුරුව, Connect to Bot යන option එක තෝරාගැනීම හරහා ලැබෙන options ලැයිස්තුවෙන්, I/O Registration යන option එක හරහා මෙයට ලියාපදිංචි විය හැකි වෙනවා.

Link: https://m.me/mobitelinnovationcentre

වෙබ් අඩවිය හරහා Register වන්නේ නම් ඉහත link එක හෝ Mobitel Innovation Centre page එකේ තිබෙන Send Message පහසුකම හරහා Messenger වෙත පිවිස, එහි options menu එක හරහා Connect to Bot කියන option එක තෝරාගෙන ඉදිරියට යෑමේ හැකියාව තිබෙනවා.

මේ හරහා ඔබගේ නම, NIC Number එක ඇතුළු සරළ ප්‍රශ්න 10ක් අසනු ලබන අතර ඔබගේ ඡායාරූපයක් හා Mobitel ජංගම දුරකතන අංකය ද ඇතුලත් කළ යුතු වෙනවා.

යම්කිසි අවස්ථාවකදී ඔබ පිළිතුරක් ලබා දීමෙන් අනතුරුව, ඊළඟ step එකට නොයන්නේ නම්, දෙවැනි වරටත් අදාල reply එක ලබා දීමට කටයුතු කරන්න.

ඔබගේ ලියාපදිංචි වීම සාර්ථකව සිදු කිරීමෙන් අනතුරුව, ඉහත සඳහන් ආකාරයේ Email පණිවිඩයක් මගින් එය තහවුරු කිරීමට ද Mobitel ආයතනය කටයුතු කරනු ලබනවා.

මේ event එක රත්මලානේ පිහිටි Sirasa TV, STEIN STUDIOS හි දී මැයි මස 07 වැනිදා පස්වරු 7ට ආරම්භ කර 8 වැනිදා පෙරවරු 5ට අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Mobitel Innovation Center වෙබ් අඩවිය සහ Community එක භාවිතා කළ හැක.