Google සමාගම සහ Amazon සමාගම යනු ඒ තරම් සමීප සබඳතාවයක් තිබුණු ආයතන දෙකක් නොවන බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

Amazon සමාගමේ Prime Video app එක Google සමාගමේ Chromecast හෝ Android TV devices සමඟින් වැඩ නොකළ අතර Google සමාගම විසින් ද 2017 වර්ෂයේදී ඔවුන්ගේ YouTube සේවාව Amazon Fire TV වලින් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ තාක්ෂණික දැවැන්තයන් දෙදෙනාගේ විරසකය නිසාවෙන් අදාල platforms භාවිතා කරන්නන් හට කරදර විඳීමට සිදු වූ නමුත් ඔන්න දැන්, Google හා Amazon සමාගම් එකතු වී නැවතත් Amazon Fire TV devices වලට YouTube සේවාව ලබා දීමටත්, Prime Video සේවාව Google Chromecast සමඟ වැඩ කරන ලෙසත් නිර්මාණය කිරීමට තීරණය කර තිබෙනවා.

YouTube app එකට අමතරව ඉදිරියේදී YouTube TV සහ YouTube Kids සේවාවන් ද මේ ආකාරයෙන් ලබා දීමට Google සමාගම බළාපොරොත්තු වන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

කොහොම වුණත් තවමත් Amazon Echo Show හා Amazon Fire Tablets වලට YouTube app එක ලබා දීම පිළිබඳව නම් තොරතුරක් වාර්ථා වන්නේ නැහැ.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Amazon සමාගමේ නිළ වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.