Blackberry කියන්නේ වසර කිහිපයකට පෙර ඉතාමත් Premium ජංගම දුරකථන නිෂ්පාදකයෙකු වූ බව අමුතුවෙන් ප්‍රකාශ කරන්නට වුවමනා නැහැ.

Android මෙහෙයුම් පද්ධතිය ලොවට එළිදැක්වීමට වසර තුනකට ද, පළමුවැන් iPhone එක හඳුන්වා දීමට වසර දෙකකට ද පමණ පෙර, එනම් 2005 වර්ෂයේදී Research in Motion ව්‍යාපාර නාමය යටතේ මේ BBM සේවාව ලොවට හඳුන්වා දුන් අතර මේ වන විට පවතින පැරණිතම messaging සේවාවන්ගෙන් එකක් බවට BBM පත්ව තිබෙනවා.

කොහොම නමුත් iPhone වල ආගමනයත් සමඟින් Blackberry වලට ලැබුණු අඩු ඉල්ලුම නිසාවෙන් ක්‍රමයෙන් අභාවයට පැමිණි මේ platform එකේ ඉතිරිව තිබුණු BBM එහෙමත් නැතිනම් Blackberry Messenger සේවාව මීළඟ මැයි මාසයේ 31 වැනි දිනයෙන් පසු නවත්වාදැමීමට මේ වන විට තීරණය කර තබෙනවා.

සාමාන්‍යය BBM සේවාව නවත්වා දැමීමට කටයුතු කලත්, මෙහි BBM Enterprise සේවාව නවත්වා දැමෙන්නේ නැති අතර, අද දින සිට Google Play Store සහ Apple App Store එක හරහා එය ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

මේ BBM Enterprise සේවාව මුල් වසරේ නොමිලයේ ලබා දීමට තීරණය කර ඇති අතර එයින් පසු මාස 6ක කාලයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 2.49ක මුදලක් ගෙවා භාවිතා කළ යුතු වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Blackberry වෙබ් අඩවිය, TechCrunch වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.