පසුගිය අප්‍රේල් 19 වැනි දින Dialog සමාගම විසින් පැවැත්වීමට නියමිත Google I/O Extended 2019 event එකට ලියාපදිංචි වීමේ හැකියාව ලබා දුන් බව මෙන්ම Mobitel සමාගම ද මේ ආකාරයෙන් පැවැත්වීමට නියමිතව තිබූ Google I/O Extended 2019 event එක Live online event එකක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබෙන බවත් අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

මේ වන විට Dialog ආයතනය විසින් නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් විසින් පැවැත්වීමට නියමිතව තිබූ Google I/O Extended 2019 event එක මෙම වසරේ නොපැවැත්වීමට කටයුතු කරන බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට රට තුළ ඇතිවී තිබෙන තිබෙන අවධානම්කාරී තත්ත්වය සැළකිල්ලට ගෙන සහභාගීවන්නන්ගේ, කාර්යය මණ්ඩලයේ සහ අනෙකුත් පාර්ශවයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ තීරණය ගෙන ඇති අතර Dialog TV සේවාවේ තිබෙන Dialog Now channel එක, MyTV app එක සහ ThePapare.com වෙබ් අඩවිය හරහා මෙම වැඩසටහන Live-stream කිරීමට කටයුතු කරනු ලබන බව ඔවුන් වැඩිදුරටත් දන්වා සිටිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා ඔවුන්ගේ නිළ Facebook Event page එක භාවිතා කළ හැක.