මීළඟ මැයි 7 වැනි දින ඉදිරිපත් කිරීමට නියමිත Google I/O Keynote එක ගැන මේ වෙනකොට මුළු ලොව පුරාම තාක්ෂණික ලෝලීන් ඉතාමත් උනන්දුවෙන් බලාගෙන ඉන්න එක කාරණයක් තමයි මේ Google Pixel 3a සහ Pixel 3a XL කියන ජංගම දුරකථන ද්විත්වය.

‍මේ වන විට මේ Pixel 3a ජංගම දුරකථනයේ high resolution image එකක් leak වී තිබෙන අතර එහි වර්ණය දම් පැහැයට හුරු වීම කාගේත් අවධානයට ලක් වන්නට වුණා.

‌                                                                                           ‌

මේ වර්ණයට ආසන්නතම හේතුව ලෙස බොහෝ දෙනා පෙන්වා දෙන්නේ Avengers: Endgame චිත්‍රපටයේ Thanos ගේ පැහැය දම් පැහැයට හුරු නිසාවෙන් මේ ආකාරයෙන් නිකුත් කිරීමට කටයුතු කරනු ලබනු ඇති බවයි.

වෙළඳපොලේ මේ වන විට තිබෙන සෑම ජංගම දුරකථනයකම පාහේ තිබෙන dual camera system එකක් භාවිතා කරමින් ලබාගන්නා ඡායාරූප වලට Google සමාගම විසින් තනි camera එකක් පමණක් අන්තර්ගත කර නිෂ්පාදනය කරනු ලබන Pixel ජංගම දුරකථන වලින් ලබාදෙන අභියෝගය හමුවේ මෙහි ජනප්‍රියත්වය රැඳී තිබෙන බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

මෙයට ප්‍රධාන හේතුව වන්නේ Google සමාගම මේ වෙනුවෙන් උපයෝගී කරගන්නා කෘතීම බුද්ධි තාක්ෂණය වන අතර මේ හරහා අඩු ආලෝක තත්ත්වයක් යටතේ ඉතාමත් හොඳ තත්ත්වයේ ඡායාරූප ලබාගැනීමේ හැකියාව අවසන් වරට එළිදැක්වූ Pixel 3 ජංගම දුරකථන වල දකින්නට ලැබුණා.

කොහොම වුණත් මේ එළිදැක්වීමට නියමිත Pixel 3a ජංගම දුරකථනයේ මිළ රුපියල් 70,000ත් - 85,000ත් වනු ඇතැයි අපේක්ෂා කරනු ලබනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Android Central වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.