පසුගිය අප්‍රේල් 11 වැනි දින Mobitel සමාගම විසින් පැවැත්වීමට නියමිත Google I/O Extended 2019 event එකට ලියාපදිංචි වීමේ හැකියාව ලබා දුන් බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

කොහොම නමුත් පසුගිය සතිය ඇතුලත සිදු වූ අවාසනාවන්ත තත්ත්වය හා මේ වන විට තිබෙන අවධානම්කාරී තත්ත්වය සැළකිල්ලට ගෙන මේ event එක සැළසුම් කර තිබුණු ආකාරයේ වෙනසක් සිදු කරන්නට Mobitel සමාගම තීරණය කර තිබෙනවා.

මේ අනුව Google I/O Extended 2019 Event එක මීට පෙර සැළසුම් කර තිබූ ආකාරයට එම දිනය හා වේලාවටම (මැයි මස 07 වැනිදා පස්වරු 7ට) ආරම්භ කිරීමට ඔවුන් බළාපොරොත්තු වන නමුත් මෙය පැවැත්වීමට සූදානම් කර තිබූ රත්මලානේ පිහිටි Sirasa TV, STEIN STUDIOS වෙනුවට, සජීවී online event එකක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කරනු ලබන බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

මෙවර "Virtual Mobitel Google I/O Extended Sri Lanka" යන තේමාව යටතේ පෙර නොවූ විරූ ආකාරයේ අත්දැකීමක් ඔබ වෙත ලබා දීමට බළාපොරොත්තුවෙන් සිටින Mobitel සමාගම මේ මගින් සිදු වූ අපහසුතාවය ගැන කනගාටුව ඔවුන්ගේ කනගාටුව ද ප්‍රකාශ කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Mobitel Innovation Center වෙබ් අඩවිය සහ Facebook Event Page එක භාවිතා කළ හැක.