පසුගිය දිනක Marvel සමාගමේ අලුත්ම චිත්‍රපටය වන Avengers: Endgame චිත්‍රපටය එළිදැක්වීමට කටයුතු කළ අතර, පළමු දින 5 ඇතුලත ඩොලර් බිලියන 1.2ක පමණ ආදායමක් උපයාගැනීමට මෙම චිත්‍රපටය සමත් වී තිබුණා.

මේ Avengers චිත්‍රපට මාලාව සෑම විටම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය නිතැතින්ම දිනාගන්නා නිසාවෙන් මෙයට සමගාමීව ජංගම දුරකථන වල විශේෂිත සංස්කරණ, එහෙමත් නැතිනම් Limited Edition එළිදක්වන්නට බොහෝ ජංගම දුරකථන නිෂ්පාදකයන් කටයුතු කරනු ලබනවා.

පසුගිය වසරේ මේ වගේම කාළසීමාවකදී එලිදැක්වුනු Avengers Infinity war චිත්‍රපටය කාගෙත් කතාබහට ලක්වුනු Marvel සමාගමේ නිමැවුමක් වන අතර ඊට සමගාමීව 2018 අවුරුද්දෙ මැයි මාසයේ OnePlus ආයතනය මගින් එලිදක්වපු OnePlus 6 Marvel Avengers limited edition smartphone එක ඉන්දියාව තුල බොහෝ සෙයින් ජනප්‍රිය වුනා.

ඒ වගේම 2017 වසරේද Star Wars - The Last Jedi චිත්‍රපටය සඳහා ද OnePlus ආයතනය, OnePlus 5T Star Wars Edition ලෙස ඔවුන්ගේ flagship smartphone එකේ special edition එකක් එලිදැක්වූවා.

ඒ වගේම මේ 2019 අවුරුද්දේ මේ සදහා Oppo, Xiaomi වැනි සමාගම් ද මේ පිළිබඳ අවධානය යොමු කර තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

Oppo ආයතනය තමන්ගේ premium mid-range smartphone එකක් වන F11 Pro smartphone එක, Oppo F11 Pro Marvel's Avengers Limited Edition ලෙස සීමිත stock ප්‍රමාණයක් එලිදැක්වීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව මැයි මස 01 වන දින සිට online sale සඳහා ද මැයි 04 සිට offline sale සදහාද මෙය යොමු කිරීමට නියමිතව තිබෙනවා.

මෙහි තිබෙන සුවිශේශී ලක්ෂණයක් ලෙස, පසුපස තද රතු පැහැයෙන් හැඩ වුනු Avengers Logo එක සමග premium glossy body finish එකක් දැකගන්න පුළුවන්. ඒ වගේම Oppo සතු signature gradient effects ලෙස සංකීර්ණ ශඩාස්‍රාකාර රටාවක් එහි බද කොටසෙහි දක්නට ලැබෙනවා.

තවද මෙය සමග Captain America shield එක සහිත back cover එකක්ද ලැබෙන අතර, එය phone stand holder එකක් විදියට වගේම selfie ring එකක් ලෙසද භාවිතා කල හැක.

මීට අමතරව මෙය සතුව සාමාන්‍ය Oppo F11 Pro සතු, ඉහලට එසවෙන (rising) front camera, panoramic screen එක සහ 4000mAh VOOC flash charging පහසුකම වැනි පහසුකම් අන්තර්ගත වී ඇත.

මේ වගේම Xiaomi සමාගමේ sub smartphone brand එකක් වන Redmi නිශ්පාදක කණ්ඩායම ඔවුන්ගේ Redmi Note 7, Redmi Note 7 pro සහ Redmi 7 යන මාදිලි Avengers Engame චිත්‍රපටය තේමා කොටගෙන නිපදවීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් මෙම ස්මාට්ෆෝන් සියල්ලෙහිම boxes සහ packaging පමණක් Avengers පදනම් කර නිපදවන අතර, ඇතුලත ඇති ස්මාට්ෆෝන්හී කිසිදු වෙනසක් සිදු නොවන බවට පැවසෙනවා.

පසුගිය අප්‍රේල් 29 වන දින මෙම Avengers edition මාදිලි තුන චීනයෙහි එලිදක්වා ඇති අතර මේවා ඉන්දියාවේ වෙලදපොලට තවම නිකුත් කර නොමැති බවද සදහන් වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Gadgets 360 වෙබ් අඩවිය හා Gizbot වෙබ් අඩවිය භාවිතා කළ හැක.