Facebook හි ප්‍රතිනිර්මාණය කරන ලද desktop වෙබ් අඩවිය දැන් ගෝලීය වශයෙන් ලබා ගත හැකි බව සමාගම පසුගිය සිකුරාදා (8 වෙනිදා) නිවේදනය කළේය.

Facebook blog අඩවියේ සටහනක් දක්වමින් Facebook සමාගම ප්‍රකාශ කරන්නේ, නව interface එක දැන් ගෝලීය වශයෙන් නිකුත් කර ඇති බවත් එය වඩා වේගවත් සහ භාවිතා කිරීමට පහසු වන අතර dark mode එකකින්ද සමන්විත වන බවයි.

මෙහි ඇතුලත් වන dark mode එක මෙම නව වෙබ් version එකෙහි කැපීපෙනෙන අංගයක් වන අතර මෙම නව design එක මගින් layout එකද පෙර පැවති ආකාරයට වඩා වෙනස් කර ඇති බව දැක ගැනීමට හැකිය.

නව Facebook desktop site එක

ඔබට මෙම නව design එක ලබා ගැනීමට අවශ්‍යය නම්, පැරණි Facebook web app එකේ දකුණු පස ඉහළ ඇති කුඩා arrow එක click කර එහි ඇති “Switch to new Facebook" යන option එක මත click කරන්න.

Facebook සමාගම විසින් 2019 වර්ෂයේදී සිය F8 developer conference එක අතරතුර මේ web app එක redesign කිරීම ප්‍රථම වරට එළිදැක්වූ අතර එහි ප්‍රධාන පරමාර්ථය වූයේ බොහෝ දෙනා තමන් භාවිතා කිරීමට කැමති දේ focus කර ඇති මූලික වෙබ් අත්දැකීම්ක් වෙත අවධානය යොමු කිරීමයි.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ නිළ Facebook Blog අඩවිය භාවිතා කළ හැක.