මේ දින වල ලෝකය පුරා පැතිරී ඇති COVID-19 වසංගත තත්වය හේතුවෙන් මිනිසුන් සමාජ දුරස්ථභාවය තබා ගැනිම අතවශ්‍ය කරුණක් වී හමාර‍‍‍‍‍ය.

ඒ නිසාම මිනිසුන් මේ දින වල ඔවුන්ගේ රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා video calling apps විශාල වශයෙන් භාවිතයට යොමු වී ඇති අතර පසුගිය මාස කිහිපය පුරාවට Google Duo හි group video calls සඳහා අලුත් features රැසක් ලබා දීමට Google සමාගම සුදානම් වන වන බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Chrome භාවිතා කරමින් Google Duo හරහා group call ලබාගැනීමේ පහසුකම සහ අලුත් features රැසක් ලබාදීමට සූදානම් වෙයි
Google Duo සේවාවේ [https://duo.google.com/about/] web app එක සදහා group videocalling පහසුකම ලබා දීමට ‍කටයුතු කරනු ලබන බව මේ වන විට Google සමාගම විසින්නිවේදනය [https://www.blog.google/products/duo/family-mode] කර තිබෙනවා. COVID-19 වසංගතය හේතුවෙන් සමාජ-දුරස්ථව සිටියදී මිතුරන් හා පවුලේ අය සමඟ සම්බන්…

එමෙන්ම group video calls සඳහා පුද්ගලයන්ට join වීමේ හැකියාව පුද්ගලයන් 4 සිට 8 දක්වාත්, පසුව පුද්ගලයන් 12 දක්වාත් වැඩි කිරීමට Google සමාගම විසින් කටයුතු කරනු ලැබුවා.

Group video calling in Google Duo goes live globally
Google Duo now allows users to make group calls with up to four participants and the feature is currently live only in select regions.

දැන් ඔබ Google Duo හි group එකක් නිර්මාණය කළ විට, ඔබට පහසුවෙන්ම Invite link එකක් Copy කර ගැනීමේ හැකියාව ලැ‍‍බෙන අතර google account එකක් ඇති ඕනැම අයෙකු‍ට ඔබගේ Invite link එක ආධාරයෙන් ඔ‍බේ group එකට join වීමට හැකියාව ල‍ැබෙනවා.

Google සමාගම විසින් නිහඩවම මේ Google Duo සේවාව සාර්ථක messaging services එකක් බවට ක්‍රමයෙන් පත් කරන අතර ‍බොහෝ video calling apps සමග සසඳන විට Google Duo ඉතා සරල app එකක් ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

එමෙන්ම බොහෝ පුද්ගලයන් මේ වන විට google account භාවිතා කිරිම හේතුවෙන් අනෙක් පුද්ගලයන් හට පහසුවෙන් invite කිරීමට ද හැකිවේ.

Google Duo - High Quality Video Calls - Apps on Google Play
Google Duo is the highest quality video calling app*. It’s simple, reliable, and works across Android and iOS phones and tablets, smart devices, and on the web. Features: Make calls between Android and iOSWhether you’re on your phone, tablet, or on the web, you can stay in touch with Duo. Group…

Invite links feature එක ලබා දී ඇත්තේ Google Duo android app එකේ version 89 සහ ඉන් පසු නිකුත් වූ versions සඳහා වන නමුත් ඔබ මෙය උත්සාහ කර බැලීමට කැමති නම් Google Play Store ‍හෝ APK Mirror වෙබ් අඩවියෙන් මෙම App එක Download කර ගැනීමේ හැකියාව පවතිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA- Developers වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කර හැකිය