2016 වර්ෂයේදී චීනයේදී Mi Notebook Air Laptop පරිගණකය නිකුත් කිරීමත් සමඟ Xiaomi සමාගම Laptop පරිගණක වෙළඳපොලට පැමිණි අතර එතැන් සිට චීනයෙහි Mi Notebook, Mi Notebook Pro සහ Mi Gaming laptop ඇතුළු Laptop පරිගණක කිහිපයක් ද එළිදක්වනු ලැබුවා.

කෙසේ වෙතත් ඉන්දියාවේ සිය රසිකයන්ගෙන් නිරන්තර ඉල්ලීම් ලැබුණද, Xiaomi සමාගම මෙතෙක් ඉන්දියාවේදී කිසිඳු laptop පරිගණකයක් නිකුත් නොකර තිබුණු නමුත් මේ වන විට Xiaomi සමාගම විසින් ඉන්දියානු වෙළඳපොල සඳහා Mi Notebook 14 සහ Mi Notebook 14 Horizon Edition එක නිළ වශයෙන් එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා.


Mi Notebook 14 Horizon Edition

Mi Notebook 14 Horizon Edition එක යනු සිහින් සහ සැහැල්ලු laptop පරිගණකයක් වන අතර MacBook Pro එකේ පෙනුමට සමාන පෙනුමක් මෙම laptop එකට ලබා දිමට Xiaomi සමාගම විසින් කටයුතු කර ඇති බව පෙනෙනවා.

මේ Laptop එක අඟල් 14ක FHD display එකකින් සමන්විත වන අතර screen to body ratio එක 91% පමණ අගයක් ගැනීමට Mi Notebook 14 Horizon Edition laptop පරිගණකයට හැකියාව ලැබී තිබෙනවා.

Mi Notebook 14 Horizon Edition Laptop එක මාදිලි දෙකකින් නිකුත් වන අතර ඉන් එක් මාදිලියක් Intel Core i5 10210U processor එකක් සමඟද අනෙක් මාදිලිය Intel Core i7 10510U processor එක සමඟ ද වෙළඳපොල සඳහා නිකුත් වෙනවා.

මෙම laptop මාදිලි දෙකෙහිම 8GB DDR4 RAM, 512GB M.2 NVMe storage සහ Nvidia GeForce MX350 GPU එකකින් සමන්විත වන අතර USB 3.1 Type-A ports 2ක්, USB 2.0 Type-A port එකක්, USB Type-C port එකක්, headphone/microphone combo jack එකක්, HDMI 1.4 port එකක් මෙන්ම connectivity සඳහා Wi-Fi 802.11ac 2×2 සහ Bluetooth 5.0 තාක්ෂණයන් ද මේ Mi Notebook 14 Horizon Edition laptop එකට එකතු කරන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මෙම laptop පරිගණකයෙහි 46Wh battery එකක් අන්තර්ගත වන අතර එමඟින් එක් charge කිරීමක් මඟින් පැය 10 ක් දක්වා භාවිතා කිරීමට හැකියාව පවතින බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම laptop පරිගණකය මිලදීගත් විට ඒ සමඟ 65W fast charger එකක්ද ලබාදීමට Xiaomi සමාගම කටයුතු කරනු ඇති අතර මෙමඟින් මිනිත්තු 30 ක් වැනි කෙටි කාලයක් තුළදී laptop එකෙහි battery එක 50% දක්වා charge කර ගැනිමට හැකියාව ලැබෙන බව ඔවුන් ප්‍රකාශ කරනවා.

Xiaomi සමාගම විසින් මෙම laptop පරිගණකය සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වන අමතර features දෙකක් ද එකතු කර ඇති අතර ඒවා Mi Blaze Unlock සහ Mi Smart Share යනුවෙන් හඳුන්වනවා.

Mi Blaze Unlock පහසුකම මඟින් පරිශීලකයින්ට Mi Band භාවිතයෙන් තමන්ගේ laptop එක unlock කිරීමට ඉඩ ලබාදෙන අතර Mi Smart Share features එක මඟින් devices අතර files share ගැනීමට පරිශීලකයින් හට අවස්ථාව ලැබේ.

එමෙන්ම මෙම Mi Notebook Horizon Edition එකට Windows 10 Home Edition එක ස්ථාපනය කිරීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.


Mi Notebook 14

Mi Notebook 14 එකේ, Mi Notebook 14 Horizon Edition එකේ මෙන් slim bezels නොමැති වුවත්, Mi Notebook 14 එක සඳහා ද ඉහත සඳහන් කළ Horizon Edition එකට සමාන design එකක් ලබාදීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම Mi Notebook 14 laptop පරිගණකය මාදිලි 3 කින් නිකුත් කිිරීමට Xiaomi සමාගම විසින් තිරණය කර ඇති අතර මෙම මාදිලි 3හි ම Intel Core i5 10210U processor එකක් සහ 8GB DDR4 RAM එකකින් බළගැන්වෙන අතර ඉහත පින්තුරයේ දක්වා ඇති පරිදි storage සහ GPU එක අදාල laptop පරිගණකය අයත් වන මාදිලිය අනුව වෙනස් වෙන නමුත් මෙහි මිලෙන් වැඩිම මාදිලිය සඳහා Nvidia GeForce MX250 GPU එකක් ඇතුලත් කිරීමට ද, අනෙක් මාදිලි දෙක සඳහා Intel UHD Graphics 620 GPU එකක් ඇතුලත් කිරීමට ද මොවුන් කටයුතු කර තිබෙනවා.


Pricing සහ Availability

Mi Notebook 14 එක සහ Mi Notebook 14 Horizon Edition එක යන laptop පරිගණක දෙකම ජුනි 17 වැනි දින සිට mi.com, amazon.in, Mi Home සහ Mi Studio වෙළඳසැල් හරහා විකිණීමට නියමිතව ඇති අතර ඒවායේ මිළ ගණන් පහත පරිදි වෙනවා.

Mi Notebook 14

  • Intel Core i5, Intel UHD graphics 620 සහ 256GB storage මාදිලිය ඉන්දියානු රුපියල් 41,990ක් ($550) වැනි මුදලක‍ට ද,
  • Intel Core i5, Intel UDH Graphics 620 සහ 512GB storage මාදිලිය ඉන්දියානු රුපියල් 44,999 ($590) වැනි මුදලක ද,
  • Intel Core i5, Nvidia MX250 සහ 512GB storage මාදිලිය ඉන්දියානු රුපියල් 47,999ක් ($630) වැනි මුදලකට ද

මිලදීගැනිමට හැකියාව ලැබෙනවා.

Mi Notebook 14 Horizon Edition

  • Intel Core i5, Nvidia MX350 සහ 512GB storage මාදිලිය ඉන්දියානු රුපියල් 54,999 ($725) වැනි මුදලකට ද,
  • Intel Core i7, Nvidia MX350 සහ 512GB storage අයත් මාදිලිය ඉන්දියානු රුපියල් 59,999ක් ($790) පමණ මුදලක‍‍ට ද

මිලදීගැනිමට හැකියාව ලැබේ.

ඉහත සඳහන් කර laptop පරිගණක වර්ග දෙකෙහි ම webcam එකක් ඇතුළත් නොවන බැවින් මේ notebook මිලදීගැනිමත් සමඟ Xiaomi සමාගම විසින් HD webcam නොමිලේ එකක් ලබා දීමට ද කටයුතු කරනු ලබනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.