Samsung යනු වසරකට විශාල ජංගම දුරකථන මාදිලි ප්‍රමාණයක් නිකුත් කරන සමාගමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

මේ නිසාම නව Android සංස්කරණ ඉක්මණින් නිකුත් කිරීමේ අභියෝගයකට ඔවුන් සෑම වසරකම මුහුණ දෙන අතර බොහෝ විට වත්මන් සංස්කරණය නිකුත් කර අවසාන වන්නටත් ප්‍රථම Google සමාගම විසින් ඊළඟ Android සංස්කරණයත් නිකුත් කරනු ලබනවා.

මෙම වසරේද එහි වෙනසක් සිදුව නැති අතර Samsung සමාගම මේ වන තෙක් Android 10 හා One UI 2 සංස්කරණය සුදුසුකම් ලැබූ සියලුම දුරකථන වෙත නිකුත් කර අවසන් කර නැහැ.

Android 10 Update එක ලැබීමට නියමිත Samsung දුරකථන මාදිලි පිළිබඳව තොරතුරු නිකුත් වෙයි
Google සමාගම විසින් Android මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන Android 10සංස්කරණය නිළ වශයෙන් නිකුත් කිරීම[/android-10-officially-released-for-google-pixel-essential-and-xiaomi-phones/] සහ අනෙකුත් ජංගම දුරකථන නිෂ්පාදකයන් එම සංස්කරණය විටින් විට තමන්ගේ ජංගම දුරකථන වලටලබාදීමට කටයුතු කළ බව අපි ඔබව …

Google සමාගම විසින් Android 11 හි public beta සංස්කරණයක් මේ වන විට නිකුත් කිරීමට කටයුතු කර ඇති අතර එහි ඇතුලත් වන පහසුකම් පිළිබඳව ද අපි ඔබව කිහිප වතාවක්ම දැනුවත් කිරීමට කටයුතු කළා.

Google Pixel සහ OnePlus ජංගම දුරකථන සඳහා Android 11 Beta 1 සංස්කරණය නිකුත් කිරීමට කටයුතු කරයි
පසුගිය ජුලි 3 වැනි දින නිළ වශයෙන් නිකුත් කිරීමට සූදානම් කර තිබුණු Android 11beta 1 සංස්කරණය පසුගිය දින වල පැවති කළබලකාරී වාතාවරණය හේතුවෙන් නැවත වරක් කල්දැමීමට කටයුතු කළ බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති. Android 11 Beta සංස්කරණය එළිදැක්වීම නැවත වරක් කල් දැමීමට Google සමාගම කටයුතුකරයිGoogle …

මේ වන විට Samsung සමාගම ද Android 11 පාදක කර ගනිමින් ඔවුන්ගේ One UI 3 සංස්කරණය නිර්මාණය කරමින් ඇති අතර මෙම නවතම සංස්කරණය ලැබෙන දුරකථනය ලැයිස්තුවක් පිළිබඳව මේ වන විට තොරතුරු නිකුත් වී තිබෙනවා.

  • Galaxy A01
  • Galaxy A10
  • Galaxy A10e
  • Galaxy A10s
  • Galaxy A11
  • Galaxy A20
  • Galaxy A20e
  • Galaxy A20s
  • Galaxy A21
  • Galaxy A21s
  • Galaxy A30
  • Galaxy A30s
  • Galaxy A31
  • Galaxy A40
  • Galaxy A41
  • Galaxy A50
  • Galaxy A50s
  • Galaxy A51
  • Galaxy A51 5G
  • Galaxy A60
  • Galaxy A70
  • Galaxy A70s
  • Galaxy A71
  • Galaxy A71 5G
  • Galaxy A80
  • Galaxy A8s
  • Galaxy A90 5G
  • Galaxy M01
  • Galaxy M11
  • Galaxy M21
  • Galaxy M30s
  • Galaxy M31
  • Galaxy M40
  • Galaxy Xcover 4s
  • Galaxy Xcover FieldPro
  • Galaxy Xcover Pro
  • Galaxy S10e/S10/S10+/S10 5G
  • Galaxy S10 Lite
  • Galaxy Note 10/Note 10+ (LTE/5G)
  • Galaxy Note 10 Lite
  • Galaxy S20 series (LTE/5G)
  • Galaxy Fold (LTE/5G)
  • Galaxy Z Flip
  • Galaxy Tab S5e
  • Galaxy Tab S6
  • Galaxy Tab S6 Lite
  • Galaxy Tab A 10.1 2019
  • Galaxy Tab A 8.0 2019
  • Galaxy Tab Active Pro

සාමාන්‍යයෙන් Samsung සමාගම සිය මාදිලි වෙත ප්‍රධාන Android සංස්කරණය දෙකක් update ලෙස ලබා දෙන අතර එයින් අදහස් වන්නේ ඔබ භාවිතා කරන Samsung දුරකථනය Android 9 - Pie සමඟ පැමිණියේ නම් ඔබේ දුරකථනය වෙත Android 11 ලැබීමේ විශාල ඉඩක් පවතින බවයි.

කෙහොම නමුත් මේ ලැයිස්තුව Samsung සමාගම විසින් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද devices ලැයිස්තුවක් නොවන බව මතකයේ තබාගත යුතු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Sammobile වෙබ් අඩවිය සහ RPRNA වෙබ් අඩවිය භාවිතා කළ හැක.