Google ආයතනය විසින් Google Play Music service එක මේ වසර අවසානය වන විට නවතා දැමිමට සුදානම් වන බැවින් Google Play Music පරිශීලකයින් හට YouTube Music වෙත තමන්ගේ music library එක transfer කිරීමට පහසුකමක් ලබාදීම පිළිබඳව අප ඔබව මීට පෙර ලිපියකින් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

Google Play Music වල ඇති ගීත YouTube Music වලට සෘජුවම Transfer කිරිමට හැකියාව ලබා දෙයි
Google Play Music service එක මේ වසර අවසානය වන විට නවතා දැමිමට සුදානම් වන බැවින්Google සමාගමේ අවධානය යොමු වී ඇත්තේ Google Play Music පරිශීලකයින් හට YouTubeMusic වෙත මාරු වීමේ හැකියාව පහසු කරවීම හරහා ඒ වෙත ආකර්ෂණය කර ගැනීමටයි. මේ අනුව Google Play Music වල ඔබගේ ඇති music library එක ඒ ආකාරයෙන්ම YouTu…

එම පහසුකම ලබාදී දැනට මාසයක් පමණ ගත වී ඇති අතර මේ වන විට පවතින ඉහළ ඉල්ලුම නිසා transfer වීම තරමක් ප්‍රමාද වන බව Google සමාගම විසින් පරිශීලකයින්ට අනතුරු ඇඟවීමට කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් මේ transfer කිරීමේ හැකියාව තවමත් පවතින නමුත් ඒ සඳහා ගත වන කාලය වැඩි වනු ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ Transfer tool එක ඉක්මණින්ම සෑම Google Play Music පරිශීලකයෙකු හටම ඉක්මණින් ලබාදෙන බව පැවසුවත්, බොහෝ ගිණුම් වලට තවමත් මෙය ආරම්භ කිරීමට හැකියාව ලබාදීමට Google සමාගම කටයුතු කර නැහැ.

කෙසේ වෙතත් Google විසින් තවමත් transfer tool එක නව ගිණුම් වෙත ලබාදීමට කටයුතු කර ඇති නමුත් එහි වේගය සැලකිය යුතු ලෙස මන්දගාමී වී ඇති බව දැක ගැනීමට හැකි වෙනවා.

එමෙන්ම transfer කිරීම මෑතකදී ආරම්භ කළ පරිශීලකයින් වාර්තා කරන්නේ songs සහ playlists, YouTube Music වෙත import කිරීමට දින කිහිපයක් ගතවන බවයි.

YouTube Music වෙත ගීත transfer කිරීම slowdown වීම පිළිබඳව පැහැදිලි කිරීමක් තවමත් ඉදිරිපත්වී නොමැති නමුත් වසර ගණනාවක් තිස්සේ පරිශීලකයන් විසින් Play Music වෙත කොපමණ ගීත ප්‍රමාණයක් upload කර ඇත්දැයි Google විසින් අවතක්සේරු කර ඇති බවක් පෙනෙන්නට ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක