Google Play Music service එක මේ වසර අවසානය වන විට නවතා දැමිමට සුදානම් වන බැවින් Google සමාගමේ අවධානය යොමු වී ඇත්තේ Google Play Music පරිශීලකයින් හට YouTube Music වෙත මාරු වීමේ හැකියාව පහසු කරවීම හරහා ඒ වෙත ආකර්ෂණය කර ගැනීමටයි.

මේ අනුව Google Play Music වල ඔබගේ ඇති music library එක ඒ ආකාරයෙන්ම YouTube Music වෙත ගෙන යෑමේ හැකියාව මේ වන විට ලබාදී ඇති අතර, එම transfers වෙන Data තුල upload කරනු ලැබූ ගීත, මිලදීගත් ගීත, albums, personal සහ subscribe කළ playlists වැනි සියළුම තොරතුරු ඇතුලත් වෙනවා.

මීට අමතරව like කරනු ලැබූ සහ, dislike කරනු ලැබූ ගීත ද මේ හරහා transfers වන බවත් අදාල පරිශීලකයින් Google Play Music වල ගීත ඇසූ ආකාරය, එනම් listening history අනුව YouTube Music වලද music recommendations ලබා දීම සිදුවන බව ඔවුන් ප්‍රකාශ කරනු ලබනවා.

එමෙන්ම මේ පරිශීලකයින් Google Play Music වල භාවිතා කළ subscription එකට අදාල වන YouTube Music subscription එකක් ලබාදීමට ද කටයුතු කරනු ඇති අතර කිසිඳු subscription එකක් නොමැතිව මෙය භාවිතා කරන්නන් හට Ads සමඟින් එන YouTube Music free edition එක භාවිතා කළ හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඔබත් Google Play Music පරිශීලකයෙකු නම් music.youtube.com/transfer වෙබ් අඩවිය හරහා ඔබගේ Google Play Music Library එක YouTube Music වෙත transfer කිරීමේ හැකියාව ලබාගත හැකි වෙනවා.

කෙසේ නමුත් YouTube Music තවමත් ශ්‍රී ලංකාවට නිළ වශයෙන් සහාය නොදක්වන නමුත් මෙය භාවිතා කරනු ලබන විශාල පිරිසක් ශ්‍රී ලංකාවේද ද දැකගත හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිල YouTube Blog අඩවිය, TechCrunch වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.