Google Calendar සහ Google Tasks සේවාවන් ඒකාබද්ධ කිරීම සඳහා Google සමාගම කටයුතු කරයි

කතුවරයා
Sanka Maduranga
Save කරන්න
Share කරන්න

    මීට වසර දෙකකට පමණ පෙර Google Tasks සේවාව සරල UI එකක් සහිතව app එකක් ලෙස දියත් කළ අතර එය ඉතා සෙමින් නව විශේෂාංග හදුන්වා දෙමින් ඉදිරියට ගෙන ඒමට කටයුතු කරනු ලැබුවා.

    මේ දක්වා තනි app එකක් ලෙස තිබුණු මේ Google Tasks සේවාව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පමණ Google Calendar සේවාව සමඟින් අන්තර්ගත කරනු ලබන බව ප්‍රකාශ කළ අතර මේ වන විට එය ඇතැම් පරිශීලකයින් හට නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරමින් සිටින බව වාර්ථා වෙනවා.

    Google Tasks: Any Task, Any Goal. Get Things Done - Apps on Google Play
    Get more done with the Google Tasks mobile app. Manage, capture, and edit your tasks from anywhere, at anytime, with to-dos that sync across all your devices. Integrations with Gmail and Google Calendar help you get tasks done—faster. Quickly capture tasks anywhere • Create task lists with your mos…
    Google Tasks on Google Play Store

    Google Calendar වල “+” මත tap කරන විට “Tasks” සඳහා ද option එකක් එකතු කර ඇති අතර ඒ හරහා මෙම Google Tasks සහ Google Calendar අතර integration එක සිදු කර තිබෙනවා.

    මේ හරහා Calendar app එක තුළින්ම task එකක් create කරගැනී‍මේ හැකියාව ලැබුණු අතර දැනට පවතින Goal එකක් හෝ Reminder එකක් ආකාරයටම එය ක්‍රියාත්මක වෙනවා.

    Image Credits: XDA-Developers

    Google Calendar එකෙහි Tasks interface එක event එකක් නිර්මාණය කිරීමට සමාන වන අතර ඔබට task එක සඳහා මාතෘකාවක් ලබා දීම, විස්තර එකතු කිරීම, වේලාවක් හා දිනයක් තෝරා ගැනීම මෙන්ම එය task list එකක් යටතේ තැබීම හෝ එය remind කළ යුතුද නැද්ද යන්න ද තීරණය කිරීමේ හැකියාව ලැබෙනවා.

    ඔබගේ device එකෙහි මේ task app එක ස්ථාපනය කර නොමැති වුවද මෙය ක්‍රියාත්මක වන අතර Task එකක් ඇතුළත් කළ පසු, සාමාන්‍ය Calendar settings තුළම ඔබට නව “Tasks notifications” ලෙස කොටසක් දිස්වනු ඇත.

    Google Calendar - Apps on Google Play
    Get the official Google Calendar app for your Android phone and tablet to save time and make the most of every day. • Different ways to view your calendar - Quickly switch between month, week and day view. • Events from Gmail - Flight, hotel, concert, restaurant reservations and more are added to yo…
    Google Calendar on Google Play Store

    මෙම integration එක තවමත් නිළ වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති නමුත් ඇතැම් පරිශීලකයින් සඳහා මේ වන විටත් server-side update එකක් ලෙස ලබාදී ඇති හෙයින්, stable release එකක් ලෙස ළඟදීම නිකුත් වෙනු ඇතැයි අනුමාන කල හැක.

    මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක