Adobe සමාගම විසින් Photoshop Camera නමින් iOS සහ Android devices සඳහා අලුත් app එකක් එළිදැක්වීමට කටයුතු කර තිබෙන බව මේ වන විට වා‍ර්ථා වෙනවා.

ඔවුන්ගේ artificial intelligence platform එක වන Sensei හි සමන්විත වන තාක්ෂණයන් භාවිතා කරමින් ලබාගනු ලබන ඡායාරූපය selfie එකක් ද, landscape එකක් ද යන වශයෙන් අදාල අවස්ථාව හඳුනාගැනීමට මෙයට හැකියාව තිබෙන අතර, මෙසේ හඳුනාගනු ලබන තොරතුරු අනුව ඊට වඩාත්ම ගැලපෙන filters තෝරා දීමේ හැකියාව මෙයට අන්තර්ගත වෙනවා.

මෙසේ apply කරනු ලබන filters අදාල අවස්ථාවේදීම, එනම් realtime ලෙසම දැකගැනීමේ හැකියාව ලැබෙන අතර මීට පෙර ලබාගනු ලැබූ ඡායාරූප වලට ද මෙම filters apply කිරීමේ හැකියාව ලැබෙනවා.

දැනටමත් Photoshop සහ Lightroom වැනි මෘදුකාංග තිබුණත්, ඒවායෙන් ප්‍රයෝජන ගැනීම සඳහා යම්කිසි දැනුමක් තිබිය යුතු වන බවත් ඒ පිළිබඳව ඉගෙනගත යුතු වීමත් යන කාරණා නිසාවෙන් තම ඡායාරූප professional quality එකට සකසා ගැනීමේ හැකියාව නොමැතිව සිටින පිරිසට මේ අලුත් app එක ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇති බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Photoshop Camera app එක භාවිතා කිරීමේදී අදාල filters viewfinder එක මතදීම බලාගැනීමේ හැකියාව ඇති නිසාවෙන් මේ පිළිබඳව මීට පෙර අත්දැකීමක් නොමැති කෙනෙකුට වුවත් පහසුවෙන්ම ඉතාමත් හොඳ තත්ත්වයේ ඡායාරූපයක් ලබාගැනීමේ හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් තවමත් මේ අලුත් app එක සියළුම Android සහ iOS පරිශීලකයන් හට ලබාදීමට කටයුතු කර නොමැති අතර ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් ඔවුන්ගේ Preview සංස්කරණය ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා.

Unique camera effects to take better photos | Photoshop Camera
Photoshop Camera, an intelligent camera app that auto-suggests a wide range of lenses & filters to make your images stand out. Show your world your way.
Adobe Photoshop Camera - Preview

මෙහි සියළුම පහසුකම් පරීක්ෂා කිරීමෙන් හා වැඩිදියුණු කිරීමෙන් අනතුරුව 2020 වර්ෂයේදී සියළුම පරිශීලකයන් හට නිකුත් කිරීමට Adobe සමාගම බළාපොරොත්තු වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.