Samsung සමාගම විසින් 600mp තරම් ඉහල විභේදනයක් සහිත Camera Sensor එකක් වැඩිදියුණු කරමින් සිටින බව තොරතුරු වාර්තා වෙමින් තිබෙන්නේ බොහෝ කාලයක සිට වන අතර, ඒ පිළිබඳව වූ තොරතුරු සහිත ලිපියක් TechNews.LK හි අපත් මීට පෙර ඔබ වෙත ගෙන ආවා මතක ඇති.

මෙගාපික්සෙල් 600ක camera sensor එකක් නිර්මාණය කිරීමට Samsung සමාගම සූදානම් වෙයි
Camera sensor වැඩිදියුණු කිරීමේ හා නිශ්පාදනයේ පුරෝගාමියෙකු වන Samsung සමාගම ලොවපළමු 64MP camera sensor එක හා 108MP camera sensor එකක් නිශ්පාදනය කිරීමෙන්අනතුරුව එම Sensor මේ වන විට උපාංග සඳහා එක් කොට පාරිභෝගික භාවිතය සඳහා නිකුත් කොටද අවසානයි. ඒ ගැන වගේම 144MP අගයකින් යුත් camera sensor එකක් පිළිබ…

කොහොම වුණත් එයින් අනතුරුව අපට Samsung සමාගමේ මෙම 600mp Camera Sensor එක ගැන අලුත් තොරතුරු අසන්නට ලැබුණේම නැති තරම් වන අතර, පසුගිය කාලයේ වෙළඳපොලට පැමිණි බොහෝ premium smart ජංගම දුරකථන වලද, 108mp වලින් ඔබ්බට ගිය camera sensor දකින්නට හැකියාවක් ලැබුණේ නැහැ.

එනමුත් ඉතාම නුදුරු දිනයකදීම මෙම 108mp සීමාව බිඳ දමන්නට Samsung සමාගම කටයුතු කරනු ඇති අතර, ඊට හේතුව වන්නේ ඔවුන් විසින් මේ වන විටත් 600mp තරම් විශාල විභේදනයක් සහිත camera sensor එකක් වැඩිදියුණු කරමින් සිටින බව තහවුරු වී තිබීමයි.

Technology සම්බන්ධ ඉතා විශ්විශ්වාසදායී Tipster කෙනෙකු වෙන Ice Universe විසින් Twitter සටහනක් තබමින් මේ පිළිබඳව තොරතුරු හෙළිකර තිබෙනවා.

0.8µm pixel size එකක් සහිත මෙම ISOCELL 600MP camera sensor එක මඟින් "4K සිට 8K දක්වා වූ ඉතා ඉහළ resolution එකක් සහිත video ලබාගැනිමට ඇති වර්තමාන අවශ්‍යතාවය" සපුරාලනු ඇති අතර video quality එකට හානියක් නොවන ලෙස video zoom කිරීමටද මෙම සුවිසල් sensor එක සහය වෙනු ඇති.

කොහොම වුණත් Samsung සමාගම විසින් මෙය ජංගම දුරකථන වලට එකතු කිරීම සඳහා තවත් බොහෝ කාලයක් ගනු ඇතැයි උපකල්පනය කරල කළ හැකි අතර ඊට ආසන්නතම හේතුව නම් මෙවැනි විශාල කැමරා module එකක් දරා ගැනීම සඳහා දැනට පවතින ජංගම දුරකථන සූදානම්ව නොතිබීමයි.

වාර්තා වන පරිදි දුරකථනයේ back panel එකෙන් 12% ක් පමණ විශාල ප්‍රදේශයක් මෙම module එක සඳහා අවශ්‍ය වී තිබෙන අතර එම සම්පුර්ණ camera module එක 22mm ක තරම් විශාලත්වයකින් යුතු බවද පැවසෙනවා.

මෙවැනි විශාල ප්‍රදේශයක් දුරකථන පිටුපස පුවරුවෙන් කැප කිරීමට සිදු වීම නිසා එම ප්‍රමාණය අඩු කිරීමට ඇති හැකියාව පිළිබඳව Samsung සමාගම විසින් තවදුරටත් පරීක්ෂණ කටයුතු කරනු ඇති අතර ඒ නිසා මෙම sensor එක දුරකථන වල දැකගැනීමට තවත් කාලයක් බලා සිටීමට සිදු වනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ PhoneArena වෙබ් අඩවිය භාවිතා කළ හැක.