Google සමාගම විසින් ඊයේ දිනයේ පැවැත්වූ Launch Night In event එක හරහා ප්‍රධාන වශයෙන්ම ඔවුන්ගේ Pixel 5 සහ Pixel 4a 5G ජංගම දුරකථන එළිදැක්වීමට කටයුතු කළ අතර ඒ පිළිබදව විස්තර මීට පෙර ලිපියක් මගින් ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

Google සමාගම විසින් Google Pixel 5 සහ Pixel 4a 5G ජංගම දුරකථන එළිදැක්වීමට කටයුතු කරයි
Google සමාගමේ Pixel ජංගම දුරකථන මාලාවේ අලුත්ම ජංගම දුරකථනය වන Pixel 5 සහ Pixel4a 5G ජංගම දුරකථන එළිදැක්වීමට නියමිත Launch Night In event එක ඊයේ දිනයේපැවැත්වීමට කටයුතු යෙදුණු අතර මේ පිලිබඳව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Pixel 5 ජංගම දුරකථනය මීළඟ සැප්තැම්බර් 30 වැනි දින එළිදැක්වීමට Google සම…

මේ Launch Night In event එකේදී ඉහත ජංගම දුරකථන වලට අමතරව Google TV ඇතුළත්වන නවතම Chromecast එකක් ද එළිදැක්වීමට Google සමාගම කටයුතු කළ අතර "Chromecast with Google TV" නමින් හැදින්වෙන මෙම device එක කලින් generations වල Chromecast වලට වඩා බෙහෙවින් දියුණු විසඳුමක් වෙනවා මෙන්ම, මේ සඳහා ආවේණික interface එකක් සහ remote controller එකකින් ද සමන්විත වෙනවා.

නව Chromecast එක කලින් generation එකෙහි Chromecast උපාංගයට පෙනුමින් මදක් සමාන නමුත් තරමක් දිගටි හැඩයකින් යුක්ත වන අතර මෙම Chromecast එක Sunrise, Snow සහ Sky flavors ලෙස වර්ණ තුනකින් ලබාගැනීමට හැකියාව තිබෙනවා.

මෙම Chromecast එකට HDMI හරහා ඔබගේ රූපවාහිනියට හෝ AV receiver එකට කෙලින්ම සම්බන්ධ වීමට හැකියාව ඇති අතර, USB adapter එක හරහා හෝ USB-C connector එක භාවිතා කිරීමෙන් අවශ්‍ය බලය ලබාගැනීමටද කටයුතු කරනවා.

එමෙන්ම මෙම Chromecast device එක 60fps, 4K HDR සහ Dolby Vision සඳහා සහාය දක්වනවා.

Connectivity දෙස අවධානය යොමු කිරීමේදී, මෙය dual-band Wi-Fi 5 සහ Bluetooth වලින් සමන්විත වන අතර මෙහි ඇති Bluetooth version එක පිළිබඳව සඳහනක් දැකගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

මෙහි Android TV මත Google TV skin එක ධාවනය වන බැවින් ඔබට remote controller එක හරහා navigate කිරීමට හැකි interface එකක් ලැබෙනවා.

ඉහත සඳහන් කළ පරිදි, මෙම Chromecast එකත් සමඟ remote controller එකක් ලැබෙන අතර, එහි side එකේ volume buttons ඇති අතර Google Assistant, YouTube සහ Netflix සඳහා quick shortcuts ද අන්තර්ගත වෙනවා.

එමෙන්ම Games play කිරීම සඳහා භාවිතා කළ හැකි built-in accelerometer එකක් ද මෙම remote controller එකට ඇතුලත් වන අතර මෙම remote controller එක Bluetooth හරහා dongle එකට සම්බන්ධ වන අතර TV, Soundbars සහ Receivers සඳහා විධාන ලබාදීම සඳහා භාවිතා කරන්නේ IR තාක්ෂණයයි.

නව Chromecast එක මේ වනවිටත් එක්සත් ජනපදයේ සිටින පරිශීලකයන් හට ඇමරිකානු ඩොලර් 49.99 ක මිලකට ලබා ගැනීමට හැකියාව ඇති අතර ඕස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය ඇතුළු තවත් රටවල් කිහිපයක් සඳහා preorder කිරීමටද හැකියාව ලබා දී තිබෙන බවද වාර්තා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blogඅඩවිය, Giz China වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.