Xiaomi සමාගමේ 10 වන සංවත්සරය මෑතකදී පැවැත්වූ අතර මේ වන විට Fortune Global 500 list එකට අනුව, ලොව 4 වැනි විශාලතම ජංගම දුරකථන නිෂ්පාදන සමාගම ලෙස නම් දැරීමටද Xiaomi සමාගම හට හැකියාව ලැබී ති‍බෙනවා.

මේ Xiaomi සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ Mi ජංගම දුරකථන මාලාවේ අලුත්ම සාමාජිකයා වන Mi 10T ජංගම දුරකථනය series එක පසුගිය සැප්තැම්බර් 30 වැනි දින නිකුත් කිරීමට කටයුතු කර ති‍බෙනවා‍.

Mi 10T Series Online Launch Event

Mi 10T සහ Mi 10T Pro නවතම ප්‍රධාන මාදිලි ලෙස Xiaomi සමාගම විසින් හඳුන්වා දී ඇති අතර මෙම නව smartphones දෙකටම punch-hole display design එකකින් සහ 144Hz refresh rate එකකින් සමන්විත display එකක් අන්තර්ගත වෙනවා.


Mi 10T specifications

මෙම දුරකථනය Dual-SIM (Nano) සඳහා සහය දක්වන අතර Android 10 පාදක කර ගනිමින් නිර්මාණය කර ඇති MIUI 12 හරහා බළගැන්වෙනු ලැබෙනවා.

එමෙන්ම 6.67-inch full-HD+ display එකක්, 20:9 aspect ratio එකක්, 144Hz refresh rate එකක්, සහ Corning Gorilla Glass 5 protection glass එකක්ද මෙම දුරකථය වෙත ලබාදීමට Xiaomi සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම දුරකථය සඳහා ඉහත කී පරීදි Qualcomm Snapdragon 865 SoC එකක්, LPDDR5 6GB/8GB RAM එකක්ද ඇති අතර මෙහි පිටුපස කැමරාව කෙරෙහි අවදානය යොමු කිරීමේදි, 64-megapixel primary sensor එකක්, 13-megapixel ultra-wide-angle sensor එකක් සහ 5-megapixel macro lens එකක් යොදාගෙන මෙම Xiaomi Mi 10T 5G දුරකථනය නිපදවා ති‍‍‍බෙනවා.

ඉදිරිපස කැමරාව සඳහා 20-megapixel selfie camera sensor එකක් Mi 10T ජංගම දුරකථනය සඳහා එක් කර ති‍බෙනවා.

128GB UFS 3.1 storage එකක් මෙම දුරකථනේ ඇති අතර, දුරකථනයේ ඇති අනෙකුත් connectivity පහසුකම් ලෙස 5G, 4G LTE, Wi-Fi 6, Bluetooth v5.1, GPS/ A-GPS, NFC, infrared (IR), සහ USB Type-C port එකක් ලබාදී ඇති නමුත් මෙම දුරකථනය සඳහා ලබාදී ඇත්තේ side-mounted fingerprint sensor එකකි.

Xiaomi සමාගම විසින් මෙම දුරකථනය සඳහා 5,000mAh batteryයක් ලබාදී ඇති අතර 33W fast charging පහසුකමට ද මෙම දුරකථනය සඳහා සහය දක්වනු ලබනවා.


Mi 10T Pro specifications

ඉහත සඳහන් කළ Mi 10T දුරකථ‍නයේ මෙන්, මෙම දුරකථනය සඳහා Dual-SIM (Nano) සහය දක්වන අතර Android 10 පාදක කරගනිමින් නිර්මාණය කර ඇති MIUI 12, 6.67-inch full-HD+ display එකක්, 20:9 aspect ratio, 144Hz refresh rate, සහ Corning Gorilla Glass 5 protection එකක්ද මෙම දුරකථනය වෙත ලබාදී ඇත.

මෙම දුරකථනයේද CPU එක සඳහා යොදාගෙන ති‍බෙන්නේ Snapdragon 865 SoC එකක් සහ RAM එක ලෙස LPDDR5 6GB/8GB භාවිතා කර ති‍බෙනවා.

මෙම දුරකථනය ද 128GB සහ 256GB UFS 3.1 storage options වලින් සමන් විත වන අතර Mi 10T දුරකථනයේ ඇති ලෙසම 5G, 4G LTE, Wi-Fi 6, Bluetooth v5.1, GPS/ A-GPS, NFC, IR, USB Type-C port එකක්, side-mounted fingerprint sensor සහ dual speakers පහසුකම ද ඇතුලත් කර තිබෙනවා.

Mi 10T සහ Mi 10T Pro යන දුරකථන මාදිලි ද්විත්වයම බොහෝ දුරට සමාන වන අතර මෙහි ඇති ප්‍රධාන වෙනස් කමක් වන්නේ Mi 10T ජංගම දුරකථනයෙහි megapixel 64 ක primary කැමරාවක් අන්තර්ගත වන අතර Mi 10T Pro දුරකථනය සඳහා megapixel 108 ක primary කැමරාවක් ලබාදී ති‍බීමයි.

Mi 10T මෙන් මෙම දුරකථනය සඳහාද, 5,000mAh battery එකක් ලබාදී ඇති අතර 33W fast charging ද මෙම දුරකථනය සඳහා සහය දක්වන ලෙස නිර්මාණය කර ති‍බෙනවා.


Mi 10T Lite specifications

මෙම දුරකථයද සඳහාද Dual-SIM (Nano) සහය දක්වන මෙන්ම ඉහත පැවසු දුරකථන ද්විත්වයේ මෙන් මෙම දුරකථනයේද MIUI 12 සංස්කරණය භාවිතා කර ඇති අතර 120Hz refresh rate එකක්, 1,080x2,400 pixel resolution එකකින් සමන්විත 6.67-inch display එකක් අන්තර්ගත කිරීම සහ Gorilla Glass 5 මගින් මෙම දුරකථනය ආරක්ෂා වන අන්දමට නිපදවා ඇත‍.

මෙහි CPU එක ලෙස Qualcomm Snapdragon 750G SoC එක යොදා ගෙන ඇති අතර 6GB RAM එකක් ඇතුලත් කර තිබෙනවා.

මෙම දුරකථන‍යේ පිටුපස 64-megapixel primary කැමරාවක්, 8-megapixel ultra-wide-angle කැමරාවක්, 2-megapixel macro කැමරාවක් සහ 2-megapixel depth sensor එකකින්ද ලෙස Quad කැමරා setup එකකින් සමන්විත වේ.

එමෙන්ම ඉදිරිපස කැමරාව punch-hole cutout එකක් හරහා 16-megapixel selfie කැමරාවක් යොදා‍ගෙන මෙම දුරකථනය නිශ්පාදනය කර ති‍බෙනවා.

Xiaomi සමාගම විසින් Mi 10T Lite දුරකථන මාදිලිය සඳහා 128GB internal storage එකක් ලබාදී තිබෙන අතර 5G, 4G LTE, Wi-Fi, Bluetooth, GPS/ A-GPS, NFC, සහ USB Type-C port එකකින්ද මෙම දුරකථනය සමන්විත වෙනවා.

මීට අමතරව 33W fast charging පහසුකම සඳහා සහාය දක්වන 4,820mAh battery එකක් ද Mi 10T Lite දුරකථනයේ ඇතුලත් වෙන අතර මෙහි තාප කළමනාකරණය සඳහා LiquidCool තාක්ෂණය ද ඇතුළත් කර ති‍බෙනවා.


Mi 10T මාදිලි වල මිළ ගණන්

Mi 10T

  • 6GB + 128GB මාදිලිය- EUR 499
  • 8GB + 128GB මාදිලිය- EUR 549

Mi 10T Pro

  • 8GB + 128GB මාදිලිය- EUR 599
  • 8GB + 256GB මාදිලිය- EUR 649

Mi 10T Lite

  • 6GB + 64GB මාදිලිය- EUR 279
  • 6GB + 128GB මාදිලිය- EUR 329
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Mi Community වෙබ් අඩවිය සහ Gadget 360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.